19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි ලෙස සම්මතව නීතියක් බවට පත් වී නැති බැවින් දැනට ප්‍රකාශ කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වුව හොත් එමඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.එබැවින් ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජන මත විචාරණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඒ පෙත්සම මඟින් ඉල්ලා ඇත.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඉදිරිපත් කළ මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව ඇතුළු ව්‍යවස්ථා කිහිපයක් ශෝධනය කිරීම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2022 වසරේදී ඉදිරිපත් කරන ලද බව පෙත්සමෙහි සඳහන් වේ. එම පනත් කෙටුම්පතේ ඇතුළත් ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලූ බවද පෙත්සමෙහි සඳහන් වේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නැති අතර, නිසි පරිදි නීතියක් බවට පත් වීමට නම් ජනමත විචාරණයකදී ජනතාව විසින් සම්මත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සිය අත්සන තබා සහතික කළ යුතු බවද පෙත්සම මඟින් පෙන්වා දී ඇත.
2018 වසරේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එවකට සිටි ජනාධිපතිවරයා කටයුතු කළ අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බව පෙත්සමෙහි සදහන් වේ. ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 දෙනකු හමුවේ විභාගයට ගැනුණු අතර, පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරන ලද බව පෙත්සමේ සඳහන් වේ. එම නඩු තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) වගන්තිය අබිබවා ආණ්ඩුක්රමය අවස්ථාවේ 70(1) වගන්තිය ක්‍රියාත්මක වන බව පෙත්සම්කරු විසින් පෙන්වා දී ඇත.
ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත් වීමට නම් ජන මත විචාරණයක් පැවැත්විය යුතු අතර එවැනි චතු ජනමත විචාරණයක් මෙතෙක් පවත්වා නැති බවද, ඒ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධනය තවමත් නීතියක් බවට පත් නොවූ පනත් කෙටුම්පතක් පමණක් බවද පෙත්සම්කරු පෙන්වා දී ඇත. එසේ තිබියදී එය නීතියක් ලෙස සලකමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමෙන් විසින් තීරණය කර ඇති බවද පෙත්සම්කරු විසින් පෙන්වා දී ඇත.
නිසි ලෙස සම්මත නොවූ කෙටුම්පතක් නීතියක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දී තිබේ. එබැවින් ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි ලෙස සම්මත කරගැනීමට ජන මත විචාරණයක් පැවතීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කරන ලෙස පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.