Friday, May 16, 2025
Home » ශක්ති­මත් ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟී­මට අප­න­යන නිෂ්පා­ද­නය දියුණු කරමු අපි ඒකට මූලික අඩි­තා­ලම දමා අව­සන් – ජන­පති

ශක්ති­මත් ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟී­මට අප­න­යන නිෂ්පා­ද­නය දියුණු කරමු අපි ඒකට මූලික අඩි­තා­ලම දමා අව­සන් – ජන­පති

by damith
July 13, 2024 1:06 am 0 comment

චමීර ඇල්ල­දෙ­ණිය
  • බිංගි­රිය අප­න­යන සැක­සුම් කලා­පයේ දෙවන සහ තෙවන සංව­ර්ධන වැඩ ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන්: 
  • ක්ෂේත්‍ර 5ක් ඔස්සේ බිංගි­රිය ප්‍රධාන ආර්ථික කලා­පය සංව­ර්ධ­නය කිරී­මට සැල­සුම්
  • රැකියා අවස්ථා 75,000ක්
  • රටේ අප­න­යන ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට නව ආයෝ­ජන කලාප
  • ජන­ප­තිගේ නිවැ­රදි ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළින් මේ වසරේ නව ආයෝ­ජන ගිවි­සුම් 35ක්
  • ආයෝ­ජන ප්‍රව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට දී තිබෙන බිලි­ය­න­යක ආයෝ­ජන ලබා ගැනීමේ ඉල­ක්කය සපුරා අව­සන්

අප­න­යන ආර්ථි­කය, නිෂ්පා­දන, සංචා­රක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂි­ක­ර්මා­න්තය දියුණු කිරී­මෙන් රටේ ශක්ති­මත් ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟිය හැකි බවත් ඒ සඳහා මූලික පද­නම මේ වන විට ආණ්ඩුව දමා තිබෙන බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ ශ්‍රී ලංකාවේ විශා­ල­තම අප­න­යන සැක­සුම් කලා­පය ලෙස අක්කර 1000ක පමණ වප­ස­රි­යක් සහිත බිංගි­රිය අප­න­යන සැක­සුම් කලා­පයේ දෙවන සහ තුන් වන අදි­යරේ සංව­ර්ධන කට­යුතු ආරම්භ කිරීම වෙනු­වෙන් ඊයේ(12) පැවති උත්ස­ව­යට එක්වෙ­මිනි.

රටේ අප­න­යන ආර්ථි­කය ශක්ති­මත් කිරීම වෙනු­වෙන් නව ආයෝ­ජන කලාප ඇති කිරී­මට කට­යුතු කරන බව ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී පැව­සීය. බිංගි­රිය ආයෝ­ජන කලා­පය සම්පූ­ර්ණ­යෙන් අව­සන් වීමෙන් පසුව අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2600ක අප­න­යන ආදා­ය­මක් ලබා­ගත හැකි බවට ඇස්මේන්තු කර ඇති අතර රැකියා අවස්ථා 75000ක් බිහි කිරී­මට ද නිය­මි­තය.

බිංගි­රිය අප­න­යන සැක­සුම් කලා­පයේ දැනට ඉදි­කර තිබෙන ඩොංශියා ඉන්ඩ­ස්ට්‍රි­යල් ලංකා ආය­ත­නය (Dongxia Industrial & Commerce Co.Ltd.) විවෘත කිරීම මෙහිදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අතින් සිදු වූ අතර එම ආය­තන පරි­ශ්‍රයේ නිරී­ක්ෂ­ණය චාරි­කා­ව­කට ද එක්වූ ජනා­ධි­ප­ති­ව­රයා එහි සේවක මණ්ඩ­ලය සමඟ සුහද කතා­බ­හක ද නිරත විය.

අන­තු­රුව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හා ආයෝ­ජන මණ්ඩ­ලයේ නිල­ධා­රීන්, නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ නිල­ධා­රීන්, ආයෝ­ජ­ක­යන් සහ ව්‍යව­සා­ය­ක­යන් අතර සාක­ච්ඡා­වක් ද පැවැ­ත්වුණු අතර මේ අප­න­යන සැක­සුම් කලා­පයේ යටි­තල පහ­සු­කම් දියුණු කිරී­මත් සමඟ බිංගි­රිය, දුම්ම­ල­සූ­රිය,මාදම්පේ ප්‍රදේශ මහ­න­ගර මට්ට­මට සංව­ර්ධ­නය කිරී­මට පිය­වර ගන්නා ලෙස ජනා­ධි­ප­ති­තුමා එහිදී නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය. කෘෂි­ක­ර්මය, නිෂ්පා­දන කර්මා­න්තය, තොර­තුරු තාක්ෂ­ණය සහ සංචා­රක මෙන්ම ධීවර කර්මා­න්තය ක්ෂේත්‍ර 5 දියුණු කිරී­මෙන් බිංගි­රිය මෙරට ප්‍රධාන ආර්ථික කලා­ප­යක් ලෙස සංව­ර්ධ­නය කිරීමේ සැල­සුම් පිළි­බ­ඳව ද මෙහිදී සාකච්ඡා විය.

අන­තු­රුව පැවති උත්සව සභාව ඇමතූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය. ඩොංශියා සමා­ගම 2018 වස­රේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කට­යුතු ආරම්භ කළ අතර රට බංකො­ලොත් වූ අව­ස්ථාවේ පවා අප ගැන විශ්වා­ස­යක් තබා මෙහි රැඳී සිටි­මින් මේ නව කර්මා­න්ත­ශා­ලාව විවෘත කිරී­මට කට­යුතු කර තිබෙ­නවා. අද වන විට 400කට පමණ රැකියා අවස්ථා ලබා දීමට සමා­ග­මට හැකි වී තිබෙ­නවා. මේ කර්මා­න්ත­ශා­ලාව නිසා රටේ තරුණ තරු­ණි­යන්ට සුබ අනා­ග­ත­යක් නිර්මා­ණය වී තිබෙ­නවා. අප රටේ තවත් මෙවැනි ආයෝ­ජන කලාප ඇති කළ යුතුයි. බිංගි­රිය ප්‍රදේ­ශය ආයෝ­ජන කලා­ප­යක් ලෙස සංව­ර්ධ­නය කර සමස්ත ආර්ථි­කය නංවා­ලී­මට කට­යුතු කළ යුතුයි. ඒ සඳහා 2018 වස­රේදී අප බිංගි­රිය ආයෝ­ජන කලා­පය ආරම්භ කළා. අද තවත් අක්කර දහ­සක් මේ කලා­ප­යට එක් කිරී­මට කට­යුතු කළා.

ජන­පති බිංගි­රිය ආයෝ­ජන කලා­පයේ වැඩ ආරම්භ කළ මොහොත.

ජන­පති බිංගි­රිය ආයෝ­ජන කලා­පයේ වැඩ ආරම්භ කළ මොහොත.

අප සිය­ලු­දෙනා පසු කළේ ඉතා අසීරු කාල­යක්. රටේ ආර්ථි­කය කඩා වැටී තිබූ අව­ස්ථාවේ රට භාර ගැනී­මට කිසි­වෙක් ඉදි­රි­පත් වුණේ නැහැ. පාර්ලි­මේ­න්තුවේ එක් මන්ත්‍රී ධුර­යක් තිබූ පක්ෂ­ය­කට ජනා­ධි­පති ධුරය භාර ගැනී­මට සිදු වුණා. ලෝකයේ මෙවැනි දෙයක් සිදු වී නැහැ. අද වන විට ලංකාව බංකො­ලො­ත්භා­ව­යෙන් නිද­හස් වී තිබෙ­නවා. ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය හරහා අපට ගෙවී­මට තිබෙන සමස්ත ණය මුද­ලින් ඩොලර් බිලි­යන අටක සහ­න­යක් ලැබී තිබෙ­නවා. ඒ වගේම සමස්ත ණය ගෙවීමේ කාලය 2043 වසර දක්වා දීර්ඝ කර ගැනී­මට අව­ස්ථාව ලැබී තිබෙ­නවා. ඒ අනුව ආර්ථි­ක­යට යම් හුස්මක් ලබා දීමට ආණ්ඩු­වට හැකි­වුණා.

මේ වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන නොගි­යොත් රටේ ආර්ථි­කය නැවත කඩා වැටෙන්න පුළු­වන්. අදත් අපේ ආන­යන විය­දම අප­න­යන විය­ද­මට වඩා වැඩියි. මේ ආකා­ර­යෙන්ම ඉදි­රි­යට ගියොත් තව වසර පහ­ළො­වක් යන විට නැවත රට බංකො­ලොත් විය හැකියි. එම නිසා විදේශ ණය මුදල් ගැනීම පාල­නය කර­මින් නිසි ආර්ථික කළ­ම­නා­ක­ර­ණ­යක් ඉදි­රි­යට පව­ත්වා­ගෙන යා යුතුයි. විය­ට්නා­මය, තායි­ල­න්තය, ඉන්දු­නී­සි­යාව වැනි රට­වල් අප­න­යන ආර්ථි­ක­යක් දක්වා ඉදි­රි­යට ගියා. නමුත් ශ්‍රී ලංකා­වට තවම එම ස්ථාන­යට යෑමට නොහැකි වී තිබෙ­නවා.

එම නිසා අපි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ තිබෙන ගිවි­සුම ආරක්ෂා කර ගනි­මින් රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යා යුතුයි. අප­න­යන ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට පිය­වර ගත යුතුයි. අද මේ විවෘත කරන කර්මා­න්ත­ශා­ලාව අප­න­යන ආර්ථි­ක­යට හොඳ උදා­හ­ර­ණ­යක් වෙනවා. අප­න­යන ආර්ථි­කය, නිෂ්පා­දන අංශය, සංචා­රක අංශය, තාක්ෂණ අංශය හා නවීන කෘෂි­ක­ර්මා­න්ත­යක් ඇති කිරී­මෙන් ශක්ති­මත් ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟීම කළ හැකියි. ඒ සඳහා මූලික පද­නම ආණ්ඩුව විසින් මේ වන විටත් තබා තිබෙ­නවා. මේ වැඩ­පි­ළි­වෙළ ආරක්ෂා කළොත් හොඳ අනා­ග­ත­යක් තිබෙ­නවා.

අප­න­යන ක්ෂේත්‍රය දියුණු කිරීම වෙනු­වෙන් 2018 වස­රේදී බිංගි­රිය අප­න­යන කලා­පය ඇති කිරී­මට කට­යුතු කළා. ඒ සමඟ කුලි­යා­පි­ටිය, දුම්ම­ල­සූ­රිය, මාදම්පේ, බිංගි­රිය හා හලා­වත ප්‍රදේශ දියුණු කළ හැකියි. මේ සමස්ත ආයෝ­ජන කලා­පය දියුණු කිරී­මෙන් රැකියා අවස්ථා 75,000ක් පම­ණක් බිහි කළ හැකියි. ඒ වගේම ඉර­ණ­විල, බිංගි­රිය, හලා­වත සංචා­රක කලා­ප­යක් ලෙස දියුණු කිරී­මට ද නිය­මි­තයි. ඉර­ණ­විල ප්‍රදේ­ශයේ ගොල්ෆ් ක්‍රීඩා පිටි­යක් ඉදි­කි­රී­ම­ටත් සැල­සුම් කර තිබෙ­නවා. එසේම IT කලා­ප­යක් ඇති කිරී­ම­ටත් අව­ධා­නය යොමු වී තිබෙ­නවා. හලා­වත වැවිලි සමා­ගමේ වතු­යාය කෘෂි නවී­ක­රණ වැඩ­ස­ට­හ­නට යොදා ගැනී­මට ද අපේක්ෂා කර­නවා.

ජන­පති බිම් සැලැස්ම නර­ඹ­මින්.

ජන­පති බිම් සැලැස්ම නර­ඹ­මින්.

මේ ආයෝ­ජන කලා­පයේ දියු­ණු­වත් සමඟ නව නිවාස, නව නග­ර­යක් ඇති වෙනවා. ඒ වගේම එම ප්‍රදේ­ශයේ ජන­තා­වට නව ව්‍යාපා­රික අවස්ථා රැසක් එම­ඟින් නිර්මා­ණය වෙනවා.

ඒ අනුව අප කෘෂි­ක­ර්මය, කර්මාන්ත, නිෂ්පා­දන, තොර­තුරු තාක්ෂ­ණය සහ සංචා­රක ව්‍යාපා­රය වගේම ධීවර කර්මා­න්තය දියුණු කිරී­මෙන් බිංගි­රිය මෙරට ප්‍රධාන ආර්ථික කලා­ප­යක් ලෙස සංව­ර්ධ­නය කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. මේ සමඟ පන්නල, කුලි­යා­පි­ටිය ප්‍රදේ­ශත් විශාල දියු­ණු­වක් ලබන අතර මේ කට­යුතු තුළින් අතී­තයේ මාදම්පේ පැවති ශ්‍රී විභූ­තිය යළි ඇති කළ හැකි වනු ඇති බව අප විශ්වාස කර­නවා.

මේ සියලු වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර තිබෙන්නේ රට දියුණු කිරීම සඳ­හායි.අප දැන් සිටින්නේ අසීරු කාල­යක් පසු­කර ක්‍රමි­කව ගොඩ­නැ­ඟෙ­මින් සිටින අව­ස්ථා­ව­කයි. ජන­තා­වගේ නොවි­ස­ඳුණ ප්‍රශ්න තව­මත් තිබෙ­නවා. ඒ වෙනු­වෙන් අප එක් ආර්ථික ක්‍රම­යක් අනුව ඉදි­රි­යට යා යුතුයි. එය සාර්ථක කර ගැනී­මට නම් රටේ ආර්ථික පරි­ව­ර්ත­න­යක් කළ යුතුයි. එම ආර්ථික පරි­ව­ර්ත­නයේ සුවි­ශේෂී ස්ථාන­යක් ලෙස බිංගි­රිය හැඳි­න්විය හැකියි. බිංගි­රිය සහ ඉර­ණ­විල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනි­මින් අලුත් ආර්ථි­ක­යක් ගොඩ­න­ඟමු. ඔබ සිය­ලු­දෙනා එහි කොට­ස්ක­රු­වන් බව ප්‍රකාශ කළ යුතුයි.

ආයෝ­ජන ප්‍රව­ර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමු­ණු­ගම මහතා-

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග­මැ­ති­ව­රයා ලෙස 2018 වසරේ දී බිංගි­රිය අප­න­යන වෙළෙඳ කලා­පය බිහි කිරී­මට කට­යුතු කළා. අද එම කලා­පයේ පළමු කර්මා­න්ත­ශා­ලාව විවෘත වන දින­යයි. ඒ වගේම එම කලා­පයේ දෙවන සහ තෙවන අදි­යර සඳහා තවත් ඉඩම් අක්කර දහ­සක් ලබා දීම අද සිදු කළා. නව ආයෝ­ජන කලාප බිහි කිරීම සඳහා ජනා­ධි­ප­ති­ව­රයා අපට උප­දෙස් දී තිබෙ­නවා. ඉර­ණ­විල, මාන්කු­ලම, කන්ක­ස­න්තුරේ ප්‍රදේ­ශ­වල නව ආයෝ­ජන කලාප ඇති කිරීම ගැන අප සොයා බල­මින් සිටි­නවා. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගෙන යන නිවැ­රදි ආර්ථික වැඩ­පි­ළි­වෙළ නිසා මේ වසර තුළ ආයෝ­ජන ගිවි­සුම් 35කට එළැ­ඹී­මට අපට හැකි වුණා. මුදල් අමා­ත්‍යාං­ශය විසින් ආයෝ­ජන ප්‍රව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට ලබා දී තිබෙන රුපි­යල් බිලි­ය­න­යක ආයෝ­ජන ලබා ගැනීමේ ඉල­ක්කය මේ වන විට සම්පූර්ණ කිරී­මට අමා­ත්‍යාං­ශ­යට හැකි වී තිබෙ­නවා. මේ සිය­ලුම ආර්ථික සුබ පෙර­නි­මිති මඟින් ශ්‍රී ලංකාවේ අනා­ග­තය සුබ­දායි වන බව කිව යුතුයි.

සේවි­කා­ව­ක­ගෙන් ජන­පති යමක් විම­ස­මින්.

සේවි­කා­ව­ක­ගෙන් ජන­පති යමක් විම­ස­මින්.

වයඹ පළාත් ආණ්ඩු­කාර නසීර් අහ­මඩ්, රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන ශාන්ත බණ්ඩාර, අශෝක ප්‍රියන්ත, ඩී.බී. හේරත්, පාර්ලි­මේන්තු මන්ත්‍රී අනුර ප්‍රිය­ද­ර්ශන යාපා,සුමිත් උඩු­කු­ඹුර, හිටපු ඇමැති අකිල විරාජ් කාරි­ය­ව­සම්, ආයෝ­ජ­නය ප්‍රව­ර්ධ­නය අමා­ත්‍යාං­ශයේ ලේකම් එම්.එම්. නයි­මු­දීන්, ආයෝ­ජන මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ ජන­රාල් රේණුකා වීර­කෝන්, ඩොංශියා ඉන්ඩ­ස්ට්‍රි­යල් ලංකා ආය­ත­නයේ කළ­ම­නා­ක­රණ අධ්‍යක්ෂ ෂෝ වින්ග් මහත්ම මහ­ත්මීහු ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT