Friday, May 16, 2025
Home » මධ්‍යම පළාතේ පළාත් පාලන ආය­ත­න­වල 575ක් ස්ථිර සේව­යට

මධ්‍යම පළාතේ පළාත් පාලන ආය­ත­න­වල 575ක් ස්ථිර සේව­යට

by damith
July 13, 2024 1:05 am 0 comment

අසේල කුරු­ළු­වංශ

මධ්‍යම පළාතේ පළාත් පාලන ආය­ත­න­වල අනි­යම්, ආදේ­ශක, කොන්ත්‍රාත්, තාව­කා­ලික සහ සහන පද­නම මත සේවයේ යෙදී සිටි 575 දෙනකු ස්ථිර සේව­යට බඳවා ගනි­මින් ඔවුන්ට පත්වීම් දීම පෙරේදා (11) අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි.

මහ­නු­වර කර­ළිය සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පැවති මේ පත්වීම් ලිපි ප්‍රදා­න­යෙන් අන­තු­රුව අග­මැ­ති­ව­රයා මෙලෙස අද­හස් දැක්විය.

“වසර ගණ­නා­වක් මුළුල්ලේ ස්ථිර සේව­යට එක්වීමේ අපේ­ක්ෂා­වෙන් සිටි මේ පිරිස ඇතැම් අව­ස්ථා­වල සේව­යෙන් ඉවත් කිරී­මට පවා සිදු වන තත්ත්ව­යක් උද්ග­තව තිබි­යදී ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඔවුන් තව­දු­ර­ටත් සේවයේ තබා ගැනී­මට උප­දෙස් දී තිබුණා. ආර්ථික අර්බු­ද­යෙන් මිදුණු මොහොතේ මේ පිරිස ස්ථිර සේව­යට එක්කර ගැනීම ජන­පති අපේ­ක්ෂාව වුණා.

කොවිඩ් සමඟ පැමිණි අර්බුද නිසා ලෝකයේ බොහෝ රට­වල සේවක සේවි­කා­වන්ගේ රැකියා අහිමි වුණා. නමුත් මෙරට එවැනි තත්ත්ව­යක් ඇති වූයේ නෑ. ඉතා කෙටි කාල­ය­කදී අපට අර්බු­ද­යෙන් මිදී­මට හැකි වූයේ ජත්‍ය­න්තර විශ්වා­සය උප­රි­ම­යෙන් දිනා ගැනී­මට හැකි වූ නිසයි.”

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර, නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා

“ස්ථිර සේව­යට එක්වී­මත් සමඟ වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන් පත්වී­ම්ලා­භීන් සොයා පැමි­ණෙ­නවා. වෘත්තීය අයි­ති­වා­සි­කම් දිනා­ගැ­නී­මට පෙර තම­න්ගෙන් රටට සහ ජන­තා­වට ඉටු විය යුතු සේවාව හරි­යට ඉටු කිරී­මට වෙහෙ­සීම පත්වී­ම්ලා­භීන්ගේ යුතු­ක­මයි.”

රාජ්‍ය ඇමැ­ති­ව­රුන් වන දිලුම් අමු­ණු­ගම, රෝහණ දිසා­නා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී යදා­මිණි ගුණ­ව­ර්ධන, මධ්‍යම පළාත් සභාවේ සභා­පති එල්.ඩී. නිම­ල­සිරි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේම­සිංහ, මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්න­කොන් මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

ඡායා­රූ­පය රුවන් මීග­ම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT