මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක, කොන්ත්‍රාත්, තාවකාලික සහ සහන පදනම මත සේවයේ යෙදී සිටි 575 දෙනකු ස්ථිර සේවයට බඳවා ගනිමින් ඔවුන්ට පත්වීම් දීම පෙරේදා (11) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මහනුවර කරළිය සම්මන්ත්රණ ශාලාවේදී පැවති මේ පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව අගමැතිවරයා මෙලෙස අදහස් දැක්විය.
“වසර ගණනාවක් මුළුල්ලේ ස්ථිර සේවයට එක්වීමේ අපේක්ෂාවෙන් සිටි මේ පිරිස ඇතැම් අවස්ථාවල සේවයෙන් ඉවත් කිරීමට පවා සිදු වන තත්ත්වයක් උද්ගතව තිබියදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් තවදුරටත් සේවයේ තබා ගැනීමට උපදෙස් දී තිබුණා. ආර්ථික අර්බුදයෙන් මිදුණු මොහොතේ මේ පිරිස ස්ථිර සේවයට එක්කර ගැනීම ජනපති අපේක්ෂාව වුණා.
කොවිඩ් සමඟ පැමිණි අර්බුද නිසා ලෝකයේ බොහෝ රටවල සේවක සේවිකාවන්ගේ රැකියා අහිමි වුණා. නමුත් මෙරට එවැනි තත්ත්වයක් ඇති වූයේ නෑ. ඉතා කෙටි කාලයකදී අපට අර්බුදයෙන් මිදීමට හැකි වූයේ ජත්‍යන්තර විශ්වාසය උපරිමයෙන් දිනා ගැනීමට හැකි වූ නිසයි.”
මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා
“ස්ථිර සේවයට එක්වීමත් සමඟ වෘත්තීය සමිති නියෝජිතයන් පත්වීම්ලාභීන් සොයා පැමිණෙනවා. වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට පෙර තමන්ගෙන් රටට සහ ජනතාවට ඉටු විය යුතු සේවාව හරියට ඉටු කිරීමට වෙහෙසීම පත්වීම්ලාභීන්ගේ යුතුකමයි.”
රාජ්‍ය ඇමැතිවරුන් වන දිලුම් අමුණුගම, රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය රුවන් මීගම්මන