237
ඌව පළාතේ සංවර්ධන කටයුතු භාර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට ඌව පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වන අනුර විදානගම මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.
ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඔහු ඉකුත්දා (11)සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.
රාජ්‍ය ඇමැති තේනුක විදානගම, පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම, ආණ්ඩුකාර ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති, බදුල්ල නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.