Home » බිත්ත­රේට වැට් ගහන කතා බොරු, අානයනය කරන්නත් අවශ්‍ය නෑ

බිත්ත­රේට වැට් ගහන කතා බොරු, අානයනය කරන්නත් අවශ්‍ය නෑ

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය

by damith
July 13, 2024 1:11 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

ලබන වසරේ සිට බිත්තර සඳහා වැට් බද්දක් පැන­වී­මට රජය කට­යුතු කරන බවත්, මේ නිසා බිත්තර මිල ඉහළ යා හැකි බවත් සඳ­හන් කර­මින් ‘බිත්තර නිෂ්පා­ද­ක­යන්ගේ සංග­මය’ යැයි කියා­ගන්නා සංග­ම­යක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේ­ද­නයේ කිසිදු සත්‍ය­තා­වක් නැතැයි කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි. බිත්තර සඳහා මේ වන විටත් 18%ක බද්දක් අය කරනු ලබන අතර, මේ වැට් ප්‍රමා­ණය කිසි සේත්ම ලබන වසරේ තව දුර­ටත් ඉහළ දැමී­මට සූදා­න­මක් නැති බවද එම අමා­ත්‍යාං­ශය සද­හන් කරයි.

මේ වන විට අප රටට බිත්තර ආන­ය­නය කිරීම මුළු­ම­නින්ම අත්හි­ටුවා තිබේ. දැනට රට­පුරා වෙළෙ­ඳ­ස­ල්වල අලෙවි කරනු ලබන්නේ අපේ රටේ නිෂ්පා­ද­නය කරන ලද බිත්තර වේ. දෛනික පාරි­භෝ­ජ­න­යට අවශ්‍ය තරම් බිත්තර මේ වන­විට අපේ රටේ කුකුළු නිෂ්පා­දන කරු­වන් විසින් නිෂ්පා­ද­නය කරනු ලබයි.පසු­ගිය වර්ෂ­යේදී මෙරට දෛනික බිත්තර පරි­භෝ­ජ­නය බිත්තර මිලි­යන 7ක් වුවද, මේ වර්ෂයේ මේ වන විට දෛනික බිත්තර පරි­භෝ­ජ­නය 15%කින් ඉහළ ගොස් තිබේ. දැනට අප රටේ දෛනික බිත්තර අව­ශ්‍ය­තාව බිත්තර මිලි­යන 8.5 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට බිත්තර නිෂ්පා­ද­නය ඉහළ නැංවීම සඳහා රජය විසින් ගෙන ඇති පිය­වර රැසකි. ඒ අනුව පසු­ගිය වසරේ දී මෙර­ටට ආන­ය­නය කරන ලද මව්ස­තුන් ප්‍රමා­ණය 85,000ක් වුවද, 2024 වසරේ මේ වන විට මවු සතුන් ප්‍රමා­ණය 116,000 දක්වා ඉහළ නංවා ඇත. මේ නිසා කුකුළු පැට­වුන් සමස්ත ධාරි­තාව ඉක්මවා මේ වන විට කුකුළු ගොවි­පො­ළ­වල ස්ථාපිත වී ඇත.

බඩ­ඉ­රිඟු මිල ඉහළ යෑම හා බඩ­ඉ­රිඟු අස්වැන්න අඩු වීම හේතු­වෙන් සත්ත්ව ආහාර නිෂ්පා­ද­නය සඳහා අපේ රටේ නිප­ද­වන ලද සහල් මෙට්‍රික් ටොන් 100,000ක් සත්ව ආහාර නිෂ්පා­ද­නය සඳහා ලබා දීමට පිය­වර ගනු ලැබීය. සත්ත්ව ආහාර සඳහා දෙන දාය­ක­ත්වය වක්‍රව නැව­තත් කුකුළු මස් හා බිත්තර වශ­යෙන් ජන­තා­ව­ටම ලැබෙන ප්‍රති­ලා­භ­යකි. එමෙන්ම බඩ­ඉ­රිඟු ආන­ය­නය සඳහා බල­පත් දීමේදී මෙතෙක් ආන­ය­න­ක­රු­වන්ට (Importers) බල­පත් ලබා දීමේ පිළි­වෙත නවතා දමනු ලැබීය. ඒ වෙනු­වට කුකුළු ගොවි­පොළ අයි­ති­ක­රු­වන්ට හා සත්ත්ව ආහාර නිෂ්පා­දන කර්මා­න්ත­ක­රු­වන්ට පම­ණක් බඩ­ඉ­රිඟු ආන­යන බල­පත් දීමට පිය­වර ගනු ලැබීය. සත්ත්ව ආහාර සඳහා බඩ­ඉ­රිඟු නිෂ්පා­ද­නය දේශීය වශ­යෙන් ඉහළ නැංවී­මට කන්ද­කාඩු ගොවි­පොළේ බඩ­ඉ­රිඟු වගා කිරීම සඳහා ඉඩම් දීමේ­දීද කුකුළු ගොවි­පොළ අයි­ති­ක­රු­වන් හා සත්ත්ව ආහාර නිෂ්පා­ද­ක­යන්ට ප්‍රමු­ඛ­ත්වය දෙන ලදි. කුකුළු කර්මා­න්තය සඳහා රජ­යට කිසිදු වැඩ පිළි­වෙ­ළක් නැතැයි මේ බිත්තර සංග­මය කියා තිබු­ණද මේ වන විට දේශීය බිත්තර නිෂ්පා­ද­නය ඉහළ ගොස් තිබෙන්නේ රජය විසින් අනු­ග­ම­නය කළ වැඩ පිළි­වෙළ නිසාය.

මේ නිසා මෙම වසර අව­සන් වන විට මෙරට අව­ශ්‍ය­තා­ව­ටත් වඩා බිත්තර නිෂ්පා­ද­නය කෙරෙනු ඇතැයි කුකුළු කර්මා­න්ත­ක­රුවෝ සාක්ෂි දරති. කෙසේ වුවද දැනට බිත්තර මිල රු. 50 සීමාව දක්වා පව­තින්නේ බිත්තර හිඟ­යක් නිසා නොව, බිත්තර සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති නිසාය. එබැ­වින් බිත්තර නිෂ්පා­ද­ක­යන්ගේ සංග­ම­යක් යැයි සඳ­හන් පිරිස විසින් ඉදි­රි­පත් කර ඇති චෝදනා කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය විසින් ප්‍රති­ක්ෂේප කර සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT