Home » කුලි­යට නිවෙසක් අරන් මහා පරි­මා­ණ­යෙන් කසිප්පු පෙරලා

කුලි­යට නිවෙසක් අරන් මහා පරි­මා­ණ­යෙන් කසිප්පු පෙරලා

by damith
July 13, 2024 1:13 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ ඉංගි­රිය - පිය­ද­ර්ශනී කහ­වල

ඉංගි­රිය කොස්සේන ප්‍රදේ­ශයේ නි‍ෙව­සක් රුපි­යල් 25,000 මාසික කුලී පද­නම මත ලබා­ගෙන මහා පරි­මා­ණ­යෙන් නීති විරෝධී මත්පැන් පෙර­මින් සිටි පුද්ග­ල­යන් දෙදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට ගත් බව ඉංගි­රිය පොලි­සිය පව­සයි.

සැක­ක­රු­වන් සමඟ බැරල් දහ­යක බහා තිබූ ගෝඩා මිලි ලීටර් එක් ලක්ෂ පනස් හතර දහ­සක්, නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 7500ක් හා දඟර හා පෙරීමේ උප­ක­රණ පොලිස් භාර­යට ගෙන ඇත. සැක­ක­රු­වන් මෙම ස්ථානයේ පෙරන ලද නීති විරෝධී මත්පැන් පාදුක්ක බණ්ඩා­ර­ගම හා පාණ­දුර බුල­ත්සිං­හල ආදී ප්‍රදේ­ශ­ව­ලට රාත්‍රි කාල­යේදී බෙදා හැර ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

යුක්තිය මෙහෙ­යුම යටතේ. ඉංගි­රිය පොලි­සියේ දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක සිරි කුමාර මහ­තාට ලද තොර­තු­ර­කට අනුව අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් ඉංගි­රිය මහ ඉංගි­රිය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT