ඉංගිරිය කොස්සේන ප්රදේශයේ නිෙවසක් රුපියල් 25,000 මාසික කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.
සැකකරුවන් සමඟ බැරල් දහයක බහා තිබූ ගෝඩා මිලි ලීටර් එක් ලක්ෂ පනස් හතර දහසක්, නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 7500ක් හා දඟර හා පෙරීමේ උපකරණ පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් මෙම ස්ථානයේ පෙරන ලද නීති විරෝධී මත්පැන් පාදුක්ක බණ්ඩාරගම හා පාණදුර බුලත්සිංහල ආදී ප්රදේශවලට රාත්රි කාලයේදී බෙදා හැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
යුක්තිය මෙහෙයුම යටතේ. ඉංගිරිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරි කුමාර මහතාට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉංගිරිය මහ ඉංගිරිය ප්රදේශයේ පදිංචිකරුවන්ය.