තියුණු ආයුධවලින් පහරදී එක්දරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත මොරටුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මොරටුව ලක්ෂපතිය, රතුකුරුසවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී හරේන්ද්‍ර කුමාර නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
නිවසක් තුළ එක්දරු පියෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත මොරටුව පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් නිවසේ, සාලයේ කපා කොටා ඝාතනය කර තිබූ නිර්වස්ත්‍ර මළ සිරුර සොයාගෙන තිබේ.
මියගොස් ඇති තැනැත්තා සිල්ලර වෙළෙඳ සලක් පවත්වාගෙන ගොස් ඇති බවත්, බිරිය සමඟ කලක පටන් ආරවුල් පැවති ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බවද පොලිසිය පවසයි.
දෙදෙනා අතර ආරවුලක් පැවත ඇති බැවින් බිරිය විසින් සැමියා ඝාතනය කර ඇද්ද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගොස් ඇති තැනැත්තාගේ බිරියද කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.
එදින රාත්‍රි පහරදී ඝාතනය කිරීම සිදුව ඇති බවටත්, ඝාතනය සිදුවන අවස්ථාවේ නිවසේ ගුවන් විදුලි යන්ත්‍රයේ වැඩි ශබ්දයකින් පිරිත් දමා තිබී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇති බවද පැවසේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර තිබේ.
මොරටුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක