Home » ඕස්ට්‍රේලියාවේදී ” මාස්ටර් චෙෆ් ” දිනූ සවින්ද්‍රි ලංකාවට එයි

ඕස්ට්‍රේලියාවේදී ” මාස්ටර් චෙෆ් ” දිනූ සවින්ද්‍රි ලංකාවට එයි

by yasara
July 17, 2024 8:28 am 0 comment

2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ” මාස්ටර් චෙෆ් ” ඉවුම් පිහුම් තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව වන සවින්ද්‍රි පෙරේරා මහත්මිය  ඊයේ  (16) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරඟය සජීවීව ලොව පුරා විකාශනය කර තිබිණි.

ඇය මෙම ජයග්‍රහණයත් සමග තම පියා ඇතුළු නෑදෑ හිතවතුන් දැක ගැනීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට පියවර ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ සවින්ද්‍රි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය .

 “මට මෙම ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය සදහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන . මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත් , කළුපොල් මාලුව , මාළු මිරිසට හොදි සමග මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා . මම මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කළා . ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වුණා.”

සවින්ද්‍රි පෙරේරා මෙම තරගාවලිය අවසන් වූ සැනින් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පියවර ගෙන තිබූ අතර , ඇය ඊයේ  (16) රාත්‍රී 10.40 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය පිළිගැනීම සදහා ඇයගේ පියා මෙන්ම තවත් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT