Home » හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් මරුට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් මරුට

by yasara
July 17, 2024 9:15 am 0 comment

19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවු ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තාහට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම අම්බලන්ගොඩ කන්දවත්ත ප්‍රදේශයේදී සිදුව ඇත.

පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී ඊයේ (16) රාත්‍රී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවය.

මියගොස් ඇත්තේ 41ක් හැවිරිදි අයෙක් බව පොලීසිය සඳහන් කළේය.

ධම්මික නිරෝෂන් නම් අදාළ පුද්ගලයා 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් බව සඳහන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT