Home » මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ පිටාර මට්ටමට ආසන්න වෙයි

මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ පිටාර මට්ටමට ආසන්න වෙයි

by yasara
July 17, 2024 9:49 am 0 comment

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට සති කීපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් මේ වන විට පිටාර මට්ටමට ආසන්නව පවති.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම අද (17) පෙරවරුව වන විට පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙලින් අඩි 05 ක් හා 12 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජල විදුලි බල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ පාලනය කෙරෙන ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන්, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය හා බ්‍රෝඩ්ලණ්ඩ් යන විදුලිබලාගාර 06 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT