දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු කඩිනමින් නිම කෙරෙමින් පවතින මෙරට දිගම ගුවන් පාලමේ ඉදි කිරීම් කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ඊයේ (18) ලක් කෙරිණි. ඉඟුරුකඩේ හන්දිය සිට ගාලුමුවදොර දක්වා වන මෙම ගුවන් පාලම ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 300ක එනම් රුපියල් කෝටි 900ක ණය ආධාර යටතේ ඉදි කරනු ලබයි. කොළඹ නගරයේ පවතින වාහන තදබදය නිමා වී කන්ටේනර් ඇතුළු අනෙකුත් වාහනවලට රට පුරා ගමනාන්ත කරා ළඟා වීමට මෙම ගුවන් පාලම මනා පිටිවහලක් වේ. මෙම ගුවන් පාලම මඟින් කොළඹ වරාය, කොළඹ වරාය නගරය, ගාලුමුවදොර සහ අධිවේගී මාර්ගවලට පිවිසීමේ හැකියාව රියැදුරන්ට හිමි වේ. ඇමැතිවරයා ඇතුළු පිරිස ගුවන් පාලමේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණයට ලක් කළ අයුරු මෙහි දැක්වේ.
ඡායාරූපය – වාසිත පටබැඳිගේ