1.9K
කොටිකාවත්ත සෝමාදේවි බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කළ එන්.ඩී. කිරිඇල්ල මහත්මිය වසර 37ක ගුරු සේවයෙන් මෙම 29 දා සිට විශ්‍රාම යෑමට නියමිතය.
1987 වසරේ පොළොන්නරුව ඕනෑගම මහා විද්‍යාලයට පළමු පත්වීම ලබා ගුරු සේවය ආරම්භ කොට ඇති ඒ මහත්මිය ඉන් අනතුරුව දිවුලපිටිය විල්පිට කුඩගම්මන විදුහල, දෙවොලපොළ ආනන්ද විද්‍යාලය, අඔතලේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය,
මුල්ලේරියාව රාහුල මහා විද්‍යාලය ආදී විදුහල් ගණනාවක ද සේවය කොට 2013 වසරේ කුඩා බුත්ගමුව සෝමාදේවි විදුහලට පැමිණ මෙතෙක් එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කළාය.