Home » ත්‍රී රෝද රථයක ගැටී ඉන්ධන බවුසරයක් පෙරලෙයි

ත්‍රී රෝද රථයක ගැටී ඉන්ධන බවුසරයක් පෙරලෙයි

by yasara
July 20, 2024 4:23 pm 0 comment

ඉන්ධන රැගත් බවුසරයක් වවුනියාව දෙසට ගමන් කිරීමේදී, මහනුවර යාපනය මාර්ගයේ A9 මාර්ගයේ ඉකිරියගොල්ලෑව ප්‍රදේශයේදී විරුද්ධ දෙසින් පැමිණි ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙයි.

මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හතර දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස ඇතුළත් කළ හතර දෙනාගෙන් එක් අයෙකුට බරපතළ බව මැදවච්චිය පොලිසිය සඳහන් කරයි.

ඉන්ධන  රැගත් බවුසරය ඒ අසල වෙල්යායකට පෙරළී ඇති අතර  ඉන්ධන බවුසරයේ තිබෙන ඉන්ධන වෙනත් බවුසරයකට මාරු කිරීමට පියවර ගෙන තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT