362
වයඹදිග චීනයේ ෂැන්සි පළාතේ අධිවේගී මාර්ගයක් දිවෙන පාලමක් කඩා වැටී ඇත.
පවතින ධාරානිපාත වර්ෂාව සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පාලම කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව චීන වාර්තා සඳහන් කරයි. අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
ගලවාගැනීමේ කණ්ඩායම් මැදිහත්වී පාලම කඩා වැටීම හේතුවෙන් ගඟට පෙරළී තිබූ වාහන 05ක් සොයාගෙන ඇතැයි චීනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා සදහන් කරයි.
මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෝටර් රථ 17 ක් සහ ට්‍රක් රථ 8 ක් ගඟට වැටී ඇති බවයි.