Home » අලි සබ්රි රහීම්ට ඇප

අලි සබ්රි රහීම්ට ඇප

by yasara
July 20, 2024 4:16 pm 0 comment

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කර ඇත්තේ ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය.

ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT