Saturday, May 10, 2025
Home » රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්

by chanaka
July 20, 2024 11:46 pm 0 comment

ජනප්‍රිය නළුවකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පදනම අවශ්‍යතා ඇති සිසුන්ට නොමිලේ ලැප්ටොප් පරිගණක බෙදාදීමේ වැඩසටහනක් පවත්වන බවට ප්‍රකාශ තිබේ.

ඒ අනුව, අඟහරුවාදා (ජූලි 23) පෙරවරු 09.30 සිට පස්වරු 01.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ලෝටස් ශාලාවේදී මෙම ලැප්ටොප් පරිගණක බෙදාහැරීමට නියමිතය.

රන්ජන් රාමනායක පදනමට අනුව ලැප්ටොප් අවශ්‍ය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට තම ඉල්ලීම් WhatsApp හරහා 077 362 4927 අංකයට යොමුකරන ලෙස දැනුම් දී ඇත.

2023 වසරේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ව්‍යාපාරිකයන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගයෙන් මෙවැනිම ලැප්ටොප් පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය.

ඔහු එවර ලැප්ටොප් පරිගණක 500 කට ආසන්න සංඛ්‍යාවක් පරිත්‍යාග කරන ලද බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT