Friday, May 9, 2025
Home » දෙහි­වල විදෙස් රැකියා උප­දේ­ශන ආය­ත­න­ය­කට යකඩ පොලු අරන් කඩා­වැ­දුණු පිරි­සක් යකා නටලා

දෙහි­වල විදෙස් රැකියා උප­දේ­ශන ආය­ත­න­ය­කට යකඩ පොලු අරන් කඩා­වැ­දුණු පිරි­සක් යකා නටලා

by damith
July 20, 2024 1:20 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ
  • බඩු මුට්ටු කඩා ලක්ෂ 35ක දෙස් විදෙස් මුද­ලුත් උස්සලා
  • කතක් ඇතුළු 5ක් පොලිස් දැලේ

දෙහි­වල ගාලු පාරේ විදෙස් ගමන් සඳහා ගුවන් ටිකට් පත් නිකුත් කිරීම හා විදෙ­ස්ගත වීම් සඳහා උප­දේ­ශන ලබා දෙන ආය­ත­න­ය­කට යකඩ පොලු රැගෙන කඩා වැදී දේපො­ළ­ව­ලට පහර දී අලා­භ­හානි කර රුපි­යල් ලක්ෂ 35කට අධික මෙරට මුදල් විදේ­ශීය මුදල් ඇතුළු දේපොළ සොරා­ගත් බව කියන කාන්තා­වක් ඇතුළු පුද්ග­ල­යන් පස් දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව දෙහි­වල පොලි­සිය කියයි.

සැක­ක­රු­වන් සොරා­ගත් දේපො­ළ­ව­ලින් ලැප්ටොප් යන්ත්‍ර දෙකක් හා ජංගම දුර­ක­තන දෙකක් පොලිස් භාර­යට ගෙන ඇත. පොලි­සිය පැව­සුවේ, අක්ක­රෙ­යි­ප­ත්තුව, ජින්නා පාර පදිංචි පුද්ග­ල­යකු දෙහි­වල ගාලු පාරේ පව­ත්වා­ගෙන යන විදෙස් ගමන් සඳහා ගුවන් ටිකට් පත් නිකුත් කිරීම හා විදෙ­ස්ගත වීම සඳහා උප­දේ­ශ­නය ලබා දෙන ආය­ත­න­ය­කට කාන්තා­වන් දෙදෙ­නකු සහ පිරිමි පුද්ග­ල­යන් දෙදෙ­නකු ඉතාලි රටේ වීසා ලබා ගැනීම සඳහා මුදල් ලබා දී එහෙත් වීසා ලබා නොදීම සම්බ­න්ධව පැමි­ණි­ලි­කරු සමඟ බහි­න්බස් වීමක් සිදුව ඇති බවයි. එහිදී එම ආය­ත­නයේ හිමි­කරු වන පැමි­ණි­ලි­කරු එම පුද්ග­ල­යන්ව ආය­ත­න­යෙන් එළි­යට දමා දොර වසා ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය. එක්ව­රම ආය­ත­නය වෙත කඩා වැදුණු පිරි­සක් යකඩ පොලු­ව­ලින් ආය­ත­න­යට පහර දී අලා­භ­හානි කර ඇති අතර, පැමි­ණි­ලි­කරු විසින් එම අව­ස්ථා­වේදී ආය­ත­නයේ තිබූ ලක්ෂ 25ක මුද­ලක්, ස්ටාලින් පවුම් 2000ක මුද­ලක් පොලි­තින් කව­ර­යක බහා ආය­ත­නය තුළ තිබූ යතු­රු­පැ­දියේ බැට­රිය සවි කරන කොටසේ සඟවා පිටු­පස තාප්ප­යෙන් පැන පලා ගොස් පොලි­සිය වෙත පැමිණ පැමි­ණිලි කර තිබූ බව පොලි­සිය කීය. එම පිරිස පහර දීමෙන් ආය­ත­නයේ ඉදි­රි­පස කොට­සට, මේස, පුටු හා යතු­රු­පැ­දි­යට ද අලාභ සිදුව ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් හා සැක­කා­රි­යන් වයස අවු­රුදු 25-33 අතර කැල­ණිය හා යාප­නය පදිං­චි­ක­රු­වන්ය. සැක­ක­රු­වන් ගල්කිස්ස මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. දෙහි­වල පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අනු­රාධ හේරත් මහ­තාගේ උප­දෙස් මත විම­ර්ශන සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT