Home » ගිලන් රියේ මුහු­ණට මුහුණ හැපුණු යතු­රු­පැ­දි­කරු ජීවි­ත­ක්ෂ­යට

ගිලන් රියේ මුහු­ණට මුහුණ හැපුණු යතු­රු­පැ­දි­කරු ජීවි­ත­ක්ෂ­යට

by damith
July 20, 2024 1:19 am 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ බෙන්තොට එස්. මද්දෙවිතාන

ගාල්ල – කොළඹ මහා මාර්ගයේ ගාල්ල ගිංතො­ටදී ඊයේ (19) අලු­යම යතු­රු­පැ­දි­යක් සහ ගිලන් රථ­යක් මුහු­ණට මුහුණ හැපී­මෙන් බර­ප­තළ තුවාල ලැබූ යතු­රු­පැ­දි­කරු මිය­ගොස් ඇතැයි ගාල්ල පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ පාන­දුර පොළ පාර පදිං­චි­ක­රු­වකු වූ 22 හැවි­රිදි තරු­ණ­යෙකි. ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාව­නය වෙමින් තිබූ බල­පි­ටිය මූලික රෝහ­ලට අයත් ගිලන් රථ­යක් සහ කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාව­නය වෙමින් තිබූ යතු­රු­පැ­දි­යක් මුහු­ණට මුහුණ හැපී­මෙන් බර­ප­තළ තුවාල ලැබූ යතු­රු­පැ­දි­කරු කරා­පි­ටිය රෝහ­ලට රැගෙන යමිත් තිබි­යදී මිය­ගොස් ඇතැයි ද පොලි­සිය සඳ­හන් කළේය.

මිය­ගිය අයගේ දේහය කරා­පි­ටිය රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර ඇති අත, ඒ පිළි­බඳ මරණ පරී­ක්ෂ­ණය ඊයේ (19) පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණි.

අන­තු­රින් පසුව ඇතිවූ අස­නීප තත්ත්ව­යක් හේතු­වෙන් ගිලන් රථයේ රියැ­දුරු බල­පි­ටිය මුලික රෝහ­ලට ඇතුළු වී ඇතැයි ද වාර්තා වේ. ගාල්ල පොලි­සිය මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT