- චමෝද් – තරුෂි දක්ෂතම ක්‍රීඩා සම්මාන දිනති
- කාන්තා උස පැනීමට රන් පදක්කම් ද්විත්වයක්
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ නිමා වූ 48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් විය.

දක්ෂතම ක්‍රීඩකයා චමෝද් යෝධසිංහ
බස්නාහිර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේදී රන් පදක්කම් 106ක්, රිදී පදක්කම් 82ක් සහ ලෝකඩ පදක්කම් 90ක් දිනා ගැනීමට සමත් වූ අතර, මධ්‍යම පළාත අනුශූරතාව දිනා ගත්තේ රන් 45ක්, රිදී 47ක් සහ ලෝකඩ පදක්කම් 64ක් සමඟිනි. දකුණු පළාත සහ වයඹ පළාත රන් පදක්කම් 37 බැගින් දිනාගත් අතර, රිදී පදක්කම් 42ක් සහ ලෝකඩ පදක්කම් 47ක් සමඟ තරගාවලියේ තෙවැනි ස්ථානය මධ්‍යම පළාත සතු විය.
තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා වූ සබරගමුව පළාතේ චමෝද් යෝධසිංහ තත්පර 10.42කින් රන් පදක්කම දිනාගත් අතර, ඔහු
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. මේ ඉසවවේ මූලික වටයේදී ඔහු නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ තත්පර 10.27කිනි. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මධ්‍යම පළාතේ තරුෂි කරුණාරත්න සම්මාන දිනා ගත් අතර, ඇය මීටර් 400 ඉසව්වේදී තත්පර 52.69කින් රන් පදක්කම දිනා ගත්තාය.
ඌව පළාතේ ටී.ඒ. මුතුකුමාරණ මීටර් 100 තත්පර 11.99කින් නිමා කරමින් තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වූවාය.
මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 9ක් සහ ජාතික කනිෂ්ඨ වාර්තාවක් බිහි වීම කැපී පෙනිණි.

දක්ෂතම ක්‍රීඩිකාව තරුෂි කරුණාරත්න
එහිදී නැඟෙනහිර පළාතේ මෙත්මි රසාරා විජේසූරිය තරගාවලියේ පළමු දිනයේ වසර 30ක් පැරණි මීටර් 10,000 කාන්තා ඉසව්වේ වාර්තාව අලුත් කළ අතර, ඊයේ කාන්තා මීටර් 5,000 ඉසව්වට එක්වෙමින් 2015 වසරේ සබරගමුවේ යූ.කේ.එන්. රත්නායක පිහිටුවා තිබූ මිනිත්තු 16:50.67ක වාර්තාව මකා දැමුවේ මිනිත්තු 16:41.00ක දක්ෂතාවකිනි. උතුරු මැද පළාතේ ඒ.ජී.වී.වී. ලක්මාලි කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් (මී. 45.50) සහ උතුරු පළාතේ එන්. දක්ෂිතා කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් (මී. 3.51) නව තරග වාර්තා පිහිටු වූ අතර, පිරිමි මීටර් 100 ඉසව්වෙන් චමෝද් යෝධසිංහට අමතරව මීටර් 200 කාලිංග කුමාරගේ (බස්නාහිර තත්. 20.71), ඒ.පී. පුවිදරන් රිටි පැනීම (උතුර මී. 5.11), ආර්.ආර්.ඩී. රණතුංග මීටර් 110 කඩුලු පැනීම (සබරගමුව තත්. 13.99) නව තරග වාර්තා බිහි කළහ. පිරිමි මීටර් 400 ඉසව්වේදී මධ්‍යම පළාත් අයෝමාල් අකලංක තත්පර 51.26කින් රන් පදක්කම දිනා ගත්තේ නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් සටහන් කරමිනි.
මේ අතර ඊයේ පැවති කාන්තා උස පැනීමේ ඉසව්වේදී රන් පදක්කම සමව හිමිකම් කීමට ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් සමත් වූහ. ඒ.ඒ.ආර්. කෝෂිලා පෙරේරා සහ අයි.ඒ.අයි. මිනිලි මේ ඉසව්වේදී මීටර් 1.70ක දක්ෂතාවක් දැක්වූ අතර, ඔවුන් දෙදෙනාම බස්නාහිර පළාත නියෝජනය කරමින් මේ තරගාවලියට එක් විය. මේ ඉසව්වේ ලෝකඩ පදක්කම දකුණු පළාතේ වී.පී.එන්. සමාදි සතු වූ අතර, ඇය ද මීටර් 1.70ක උසක් වාර්තා කළාය.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා සිටින තරුෂ කරුණාරත්න ඊයේ කාන්තා මීටර් 400 ඉසව්වට එක්වෙමින් රන් පදක්කම (මි. 52.69) දිනාගත් අතර, එහි රිදි පදක්කම නදීෂා රාමනායක සතු වූයේ මිනිත්තු 53.56කිනි. ලෝකඩ පදක්කම ලක්ෂිකා මෙන්ඩිස්ට (බස්නාහිර මි. 53.66) හිමි වූවාය.
තරගාවලියේ අවසන් ඉසව්ව බවට පත්වූ මීටර් 400 මිශ්‍ර සහාය ඉසව්වට වැඩි දෙෙනකුගේ අවධානයක් යොමුවූ අතර, එහිදී මේ මස අවසානයේ ප්‍රංශයේදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා සිටින තරුෂි කරුණාරත්න සමඟ අරුණ දර්ශන මධ්‍යම පළාත නියෝජනය කරමින් තරග වැදුණි. මෙහිදී මධ්‍යම පළාත රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 3:22.09කිනි. එහි රිදී පදක්කම වයඹ පළාතට (මි. 3:24.06) සහ ලෝකඩ පදක්කම දකුණු පළාතට (මි. 2:28.78) හිමි විය.