ඉදිරියේදී පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත උතුරුමැද පළාත් ක්‍රීඩා උලෙළට සහභාගිවීමට සුදුසුකම් ලැබූ මිහින්තලේ මහා විද්‍යාලයේ පාසල් දරුවන් පිරිසක් ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකිවීමෙන් ඉකුත්දා (20) විද්‍යාලය ඉදිරිපිට වාහන සේදීමේ වැඩසටහනක නිරත වූහ. වයස් කාණ්ඩ තුනක් යටතේ සිසු දරුවන් පිරිසක් මේ ක්‍රීඩා උලෙළට සහභාගිවීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ, නවාතැන් පහසුකම් ආහාර හා ගමන් වියදම් සොයා ගැනීමට රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් වැය වන බව මවුපියෝ මෙහිදී පැවසූහ.
පුත්තලම ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ, විද්‍යාලය ඉදිරිපිටින් දිවෙන රථ වාහන නතර කර මේ රථ වාහන සෝදා පිරිසුදු කර මුදලක් සොයා ගැනීම මෙහි අරමුණ වී තිබුණි.
වාහන සේදීමෙන් ලැබෙන මුදල පමණක් ප්‍රමාණවත් නොවන බැවින් කිසියම් හෝ දානපතියෙක්, මේ දරුවන්ට උපකාරයක් කරන්නේ නම් එය තම දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා පෙන්වීමට මහඟු අවස්ථාවක් වනු ඇති බව එහිදී මවුපියෝ පැවසූහ.
අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි