නිව්ස්ටාර් ඕල්ඩ්බෙන්ස් අතර තරගයේ අවස්ථාවක්
කොළඹ – සිටි ලීග් අභියෝගතා පාපන්දු ශූරතාවලියේ පෙරේදා පැවැති සෝන්ඩර්ස් – ජාවාලේන් අතර තරගයෙන් ගෝල් 3-1ක් ලෙස සෝන්ඩර්ස් ජය වාර්තා කළ අතර, නිව්ස්ටාර් – ඕල්ඩ්බෙන්ස් අතර තරගයෙන් ගෝල් 2-0ක ජයක් නිව්ස්ටාර් පිලට හිමි විය.
සෝන්ඩර්ස් – ජාවාලේන් අතර තරගයේ 45 මිනිත්තුවේදී සෝන්ඩර්ස් ක්‍රීඩක පී.පී. ගිම්හාන ගෝලයක් වාර්තා කළ අතර, 48 වැනි මිනිත්තුවේදී ජාවාලේන් එම්.එන්.එම්. සජිත් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. අනතුරුව 58 වැනි හා 81 වැනි මිනිත්තුවලදී එම්. ප්‍රියංකර හා පී.පී. ගිම්හාන තවත් ගෝල් 2ක් වාර්තා කොට ජයග්‍රහණය තහවුරු කළහ.
නිව්ස්ටාර් – ඕල්ඩ්බෙන්ස් අතර තරගයේ වාර්තා වූ ගෝල් දෙකම තරගයේ පළමු භාගයේදී මොහොමඩ් අනාස් වාර්තා කළේය. මේ තරගාවලියේ මීළඟ තරග වටය ලබන 27 දා පස්වරු 2.30ට නිව්ස්ටාර් – ඕල්ඩ් බෙනස්, පස්වරු 4.30ට ජාවාලේන් හා සෝන්ඩර්ස්, 28 දා පස්වරු 2.30ට මාලිගාවත්ත යූත් – රිනවුන්, පස්වරු 4.30ට චැලෙන්ජර්ස් – රත්නම් කණ්ඩායම් අතර යළි පැවැත්වේ.
තරගාවලියේ ශූරයන්ට රුපියල් මිලියනයක් සහ අනුශූරයන්ට රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක එක්ස්පෝ ප්‍රොපටි ඩිවලොපස් පුද්ගලික සමාගම කටයුතු යොදා ඇත.
ප්‍රින්ස් ගුණසේකර