Saturday, May 10, 2025
Home » වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි යන ස්ථාවරයේ රජය තවමත් සිටිනවා

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි යන ස්ථාවරයේ රජය තවමත් සිටිනවා

by chanaka
July 24, 2024 1:38 pm 0 comment

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි යන ස්ථාවරයේ රජය තවමත් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ඒ සම්බන්ධයෙන් රජය තවමත් මැදිහත් වී කටයුතු කරන බවයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

මෙහිදී වේලු කුමාර් මන්ත්‍රීවරයා නෑගූ ප්‍රශ්නය හා ඊට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ලබා දුන් පිළිතුර මෙසේය,

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්

මැයි 01 වැනිදා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ වැටුප පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ජනාධිපතිතුමා කොටගල රැස්වීමකට සහභාගී වෙලා රුපියල් 1700කින් පඩි වැඩි කරනවා කියලා පොරොන්දුව ලබා දුන්නා. ඒ ගැසට් පත්‍රය නැවත මැයි මස 21 වැනිදා සංශෝධනය කර තවත් ගැසට් පත්‍රයක් නිකුත් කළා. පසුගිය ජුනි 10 වැනිදා සියළු ගැසට් පත්‍ර ටික අවලංගු කරලා තවත් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මම අහන්නේ කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා. පසුගිය සතියෙදී ඊරානයේ අපේ රටට තිබුණ ඩොලර් ණය වලින් 60% පමණ තේ අපනයනය කිරීමෙන් අපට ගෙවා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. අපේ රටට අද ඩොලර් ගෙනන ජනතාවගේ ජීවන තත්ත්වය ඊතාමත් පහළ මට්ටමකට වැටිලා තියෙන්නේ. ගැසට් පත්‍රය අවලංගු කරලා රජයේ ස්ථාවරත්වය මොකක්ද?

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
රජයේ ස්ථාවරත්වය වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි කියන එක. ඒ නිසා තමයි රජය මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කළේ. හාම්පුත්තු විසින් අධිකරණයට ගිහිල්ලා නඩුවක් පවතින නිසා මට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න බෑ. රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ. අපි ඒ ස්ථාවරයේම ඉන්නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT