Saturday, May 10, 2025
Home » නේපාලයේ දරුණු ගුවන් අනතුරකින් 18 ක් මරුට

නේපාලයේ දරුණු ගුවන් අනතුරකින් 18 ක් මරුට

by yasara
July 24, 2024 1:55 pm 0 comment

නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කර ඇත.

ගුවන් යානයේ සිටි අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසක් බව සඳහන් වෙයි.

මෙම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මියගොස් ඇති බවත් ගුවන් නියමුවා පමණක් බේරී ඇති බවත් වාර්තා වෙයි.

මේ වනවිට ඔහු රෝහල්ගත කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT