ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍රික්කවල විපතට පත් පවුල් 1100කට වියළි සලාක මල්ලක් බෙදා දීමට කටයුතු කරන ලදී. 2024 ජූලි 9 සහ 10 යන දිනවල සිදු කරන ලද මෙම වැඩසටහන ,මෙරට ජනතාව සමග සිටිමින් ව්‍යවසනයන්හී දී ප‍්‍රජාවන්ට සහය වීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි නොසැලෙන කැපවීම අවධාරනය කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආගමික ආයතන වල සහභාගීත්වයෙන් අවශ්‍යම පුද්ගලයන් වෙත මෙම වියලි සලාක ඇසුරුම් බෙදාදීමට කටයුතු කෙරුණි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ප‍්‍රජාවගේ අභිවෘද්ධිය ඉලක්ක කරගත් ව්‍යාපෘතිවල නිරතුරුවම නිරත වන අතර, මෙම ප‍්‍රජා සත්කාරය ඔවුන්ගේ සමාජ වගකීම් සඳහා වූ කැපවීම විදහා දක්වයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලූත්ගම මහතා පවසා සිටියේ, ” CSR) මෙහෙවර ප‍්‍රධාන කරුණු තුනක් මත පදනම් වේ, එනම්; දරුවන්, සංස්කෘතිය සහ ප‍්‍රජාවයි. ප‍්‍රජාව යන කරුණ මත පදනම් කරගෙන මෙහෙයවන ලද මෙම ව්‍යාපෘතිය මගින් ඉස්මතු කරන්නේ, සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් නඟා සිටුවීමට සහ සහාය දැක්වීමට අපගේ ඇති කැපවීමයි. ජාතියේ රක්‍ෂකයා ලෙස හා විශ්වාසනීය සහකරුවෙකු ලෙස අපගේ කාර්යභාරය යලි තහවුරු කරමින්, අපගේ ප‍්‍රජාවන්ට අවශ්‍ය වේලාවේදී අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමු.”
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අපගේ ප‍්‍රජාවන් ආරක්ෂා කිරීමට සහ සවිබල ගැන්වීමට වූ පොරොන්දුව ශක්තිමත් කරමින් ඒ සඳහා කාලෝචිත සහ ඵලදායී සහය සැපයීමේ මෙහෙවරෙහි නොසැලී සිටිය