Saturday, May 10, 2025
Home » ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය විශේෂ ආයතනික සම්මානයක්

ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය විශේෂ ආයතනික සම්මානයක්

by sachintha
July 25, 2024 1:28 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකු වන ඔමේගා ලයින් සමාගමේ ටෝස්ට්මාස්ටර් සමාජය වන ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය, පසුගියදා නිමාවට පත්වූ 2023/2024 දිස්ත්‍රික් 82 වාර්ෂික ටෝස්ට්මාස්ටර් සමුළුවේදී

විශේෂ ආයතනික සම්මානයක් දිනාගැනීමට සමත්විය. තම සේවකයින්ගේ අභිවෘද්ධිය සහ ටෝස්ට්මාස්ටර් සමාජය වෙනුවෙන් ප්‍රකට කළ අඛණ්ඩ කැපවීම අගයමින් ආයතන දෙකකට පමණක් ලබාදුන් මෙම විශේෂ සම්මානයට

හිමිකම් කීමට ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජයට හැකිවීම කැපී පෙනුණි.

ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජයේ 100 වැනි සංවත්සරය සහ දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් සමාජයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජයේ සභාපති මොරාග් මතීසන් මහතා අතින් ඔමේගා ලයින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෆීලික්ස් ප්‍රනාන්දු මහතා මෙම සම්මානය ලබාගත්තේය. එහිදී ඔමේගා ලයින් සමාගම මඟින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන කාර්යභාරය සහ නායකත්ව භූමිකාව ද මතීසන් මහතාගේ ඇගැයීමට ලක්විය.

තිරසර සංවර්ධනය වෙනුවෙන් ප්‍රජාව, ලාභය සහ පරිසරය යන ත්‍රිවිධ අංශ ශක්තිමත් කිරීම පිළිබඳව දැඩිව විශ්වාස කරන ඔමේගා ලයින් සමාගම, සිය කාර්යමණ්ඩලයට පෞද්ගලික සහ වෘත්තීය මට්ටමින් සංවර්ධනය වීම සඳහා පහසුකම් රැසක් සලසා තිබේ. සේවකයින් තම වැදගත්ම වත්කම ලෙසින් සලකා මීට වසර 15කට පෙර ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය බිහිකිරීමට සමාගම කටයුතු කරන්නේ ද ඒ අරමුණෙනි.

ටෝස්ට්මාස්ටර් සමාජයක් ආරම්භ කිරීම තුළින් අපේක්ෂා කෙරුණේ සේවකයින්ගේ තුළ වත්මන් වෘත්තීය ලෝකයට අත්‍යවශ්‍ය සන්නිවේදන සහ නායකත්ව කුසලතා මෙන්ම අනෙකුත් අන්තර් පුද්ගල හැකියාවන් වර්ධනය කිරීමය. ඉදිරියටත් ටෝස්ට්මාස්ටර් සමාජ වැඩසටහන් සඳහා දායක වෙමින් සේවකයින්ගේ සංවර්ධනය වෙනුවෙන් ඔමේගා ලයින් සමාගම කැපවී සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT