පාකිස්තානයේ අගමැති ශෙබාස් ෂරීෆ්ගේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් අපේක්ෂාවෙන් පසුවන බැවින් එරට කිසිදු දේශපාලන ව්‍යාකූලත්වයක් සිදු නොවීමට වග බලා ගත යුතුව ඇතැයි ද, එම තත්ත්වය මත ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ට තවත් මාස 18ක කාලයක් තුළ නිදහස් වීමට ඉඩකඩ නිර්මාණය නොවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන් ඛාන් නිදහස් කරගැනීමට එරට අභියාචනාධිකරණයට යොමු කර ඇති අයැදුම්පතට සාර්ථක ප්‍රතිචාර ලැබී තිබුණද, ඔහුගේ නිදහස් වීම පාකිස්තානය තුළ නැවත දේශපාලන වශයෙන් අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර ව්‍යාපාර නිරීක්ෂණ ආයතනයේ වාර්තාවකින් අනතුරු අඟවා ඇතැයි සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්තාන රජයට පනවනු ලැබූ ණය කොන්දේසිවලට අනුව ඉදිරි කාලය ඇතුළත නැවත රට ස්ථාවර කිරීමට දේශපාලන වශයෙන් සාමකාමී වාතාවරණයක් පැවැතිය යුතු බවත්, ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ අපේක්ෂාවෙන් පසුව එරට රජයට ඉම්රාන් ඛාන් අවම වශයෙන් ඉදිරි මාස 18 කාලයක් දක්වා සිරගතව තැබීමට සිදුවනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.