Thursday, May 8, 2025
Home » දකුණු චීන මුහුදේ කොරල් පර විනාශ කළ බවට පිලිපීනයට චෝදනා

දකුණු චීන මුහුදේ කොරල් පර විනාශ කළ බවට පිලිපීනයට චෝදනා

by sachintha
July 25, 2024 1:13 am 0 comment

පිලිපීනයේ නාවික යාත්‍රා දකුණු චීන මුහුදේ තෝමස් දූපත් සමූහය අවට මුහුදු සීමාවේ පිහිටි කොරල් පරයට හානි සිදු කර ඇතැයි චීනයෙන් එල්ල වූ චෝදනා පිලිපීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එවැනි හානියක් කොරල් පරවලට සිදුවී තිබේදැයි සමුද්‍ර විද්‍යාව තක්සේරු කිරීමකින් තහවුරු කර ගත හැකි බවත්, ඒ සඳහා ස්වාධීන තුන්වැනි පාර්ශ්වයක් පත් කරමින් විමර්ශන සිදු කරන ලෙසත් පිලිපීනය වැඩිදුරටත් චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

චීනය එම චෝදනාව එල්ල කර ඇත්තේ එරට ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් පදනම් කරගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොරල්පරවලට පිරිමැසිය නොහැකි පාඩුවක් සහ හානියක් සිදුවී ඇතැයි සොයාගත් බව චීනය ප්‍රකාශ කර ඇතැයි ද, පිලිපීනයේ දහස් සංඛ්‍යාත ධීවරයන්ට චීන මුහුදේ සිය ධීවර කටයුතු කිරීම අවහිර කිරීමේ අරමුණින් චීනය එවැනි චෝදනාවක් එල්ල කර ඇතැයි ද පිලිපීනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT