ග්‍රීස් දැමූ ප්ලාස්ටික් බටයක දමා මුහුදු වෙරළේ වළදමා තිබූ රිවෝල්වර් වර්ගයේ තුවක්කුවක් කල්මුණේ මුහුදු වෙරළ ආසන්නයේදි තරුණයන් පිරිසකට හමුව තිබේ.
තරුණයන් මේ පිළිබඳව කල්මුණේ පොලිස් ස්ථානයට දැනුම් දිමෙන් අනතුරුව කල්මුණේ පොලිස් ස්ථානයේ නිලධාරින් පැමිණ මෙම රිවෝල්වරය පොලිස් භාරයට ගෙන ඇත.
ජර්මනියේ නිෂ්පාදිත මෙම රිවෝලවරය සමඟ ජීව උණ්ඩ දෙකක්ද හමුවි තිබේ.
යුද සමයේ කවුරුන් හෝ මෙම ගිනි අවිය ප්ලාස්ටික් බටයක දමා වළ දමන්නට ඇතැයි පොලිසිය විශ්වාශය පළ කරයි. අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන් ජයපත්ම මහතාගේ උපදෙස් පරිදි කල්මුණේ සහකාර පොලිස් අධිකාරි ලසන්ත බුද්ධික මහතාගේ මෙහයවිමෙන් කල්මුණේ මූලස්ථාන පොලිස් පරීක්ෂක රම්සීන් පකිර් මහතා ඇතුළු නිලධාරින් වැඩිදුර විමර්ශන සිදු කර කරයි.
දිගාමඩුල්ල විශේෂ වසන්ත චන්ද්‍රපාල