Home » ලක්ෂ 60කට අලෙවි කරන්න රැගෙන ආ ගජමුතු STF අත්අඩංගුවට

ලක්ෂ 60කට අලෙවි කරන්න රැගෙන ආ ගජමුතු STF අත්අඩංගුවට

by sachintha
July 25, 2024 1:19 am 0 comment

රුපියල් ලක්ෂ 60ක මුදලකට අලෙවි කිරීම සඳහා සූදානම් වූ ගජමුතු දෙකක් නාවික හමුදා බුද්ධි තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරු නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන සැකකරුවෙකු බව පුත්තලම කඳවුරු නිලධාරීන් පවසයි.

නාවික හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ උපාය දූතයින් යොදවමින් මෙම ගජමුතු දෙක පුත්තලමට රැගෙන විත් එහි දී මිලදී ගැනීමේ යෙදී ඉන් පසුව සැකකරු හා ගජමුතු දෙක අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකා උපාය දූතයින් යොදවමින් අදාළ සැකකරුට කිසිදු ලෙසකින් සැක නොසිතන අයුරින් මෙම අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු පවසා ඇත්තේ මෙම ගජමුතු දෙක තම පියා විසින් ආරක්ෂිතව තබා තිබූ බවයි.

කෙසේ නමුත් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගැනුණ සැකකරු ඉදිරි විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කර ඇත.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT