පළාත් හතරක පිහිටු වූ මධ්‍යස්ථාන 97දී මධ්‍යම පරිසර අධිකාරිය ජූනි මාසයේදී එක්රැස් කළ විදත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 7,800කි.
විදත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට සහ නිසි පරිදි බැහැර කිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් දෙන උපද්‍රවකාරි අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රලාභී ආයතන හරහා පමණක් මෙලෙස එක්රැස් කළ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපහරණය කිරීම සිදු කරයි.
මේ අපද්‍රව්‍ය ආරක්ෂිත ලෙස කොටස්වලට වෙන්කර ප්රතිචක්රීයකරණය කළ හැකි ප්ලාස්ටික්, යකඩ වැනි කොටස් මෙරටදී ප්රතිචක්රීයකරණයට යොමු කරන අතර, ඉතිරි කොටස් අදාළ ප්රතිචක්රීයකරණ හා නිෂ්කර්ෂණ පහසුකම් සහිත රටවලට එම ආයතන හරහා අපනයනය කරනු ලැබේ. එහිදී ජාත්‍යන්තර සම්මුතිවලට (බාසල් සම්මුතියට) අනුකූලව මේ අපනයන කටයුතු සිදු කරයි.
බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 28ක් ද, දකුණු පළාතේ මධ්‍යස්ථාන 39ක් ද, නැඟෙනහිර පළාතේ මධ්‍යස්ථාන 14ක් ද, ඌව පළාතේ මධ්‍යස්ථාන 16ක් ද ස්ථාපිත කර මේ අපද්‍රව්‍ය එක්රැස් කිරීමට කටයුතු කරන ලදි.
එහිදී සංයුක්ත ප්‍රතිදීප්ත (CFL බල්බ), රේඛීය ප්‍රතිදීප්ත පහන් (Tube බල්බ), CRT මොනිටර්ස්, කොටස් කර ඇති හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති විදත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ ද පස්, වැලි සහ මඩ තැවරී ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ ද හැර අනෙකුත් විදත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මේ වැඩසටහනේ දී විදත් අපද්‍රව්‍ය ලෙස රැස් කිරීමට කටයුතු යොදා තිබිණි. එලෙසම කර්මාන්තායතන, වෙළෙඳසල් මඟින් විශාල ප්‍රමාණවලින් ගෙන එන විදත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මේ වැඩසටහනේදී භාර නොගත් අතර, ගෘහස්ථ විදත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පමණක් භාර ගන්නා ලදි.
ජගත් පරිසර දිනය නිමිත්තෙන් රජය ප්‍රකාශයට පත් කර ඇති ජාතික පරිසර සතියට සමගාමීව සිදු කළ පරිසර සුරක්ෂිතතා වැඩසටහනක් ලෙස විදත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මේ වැඩසටහන සංවිධාන කළේය.
රක්ෂණ ශ්‍රියන්ත