Home » නෞකාවලට එරෙහි මංකොල්ලකෑම් මැඬලීමට ආසියානු කලාපීය රටවල් එක්වෙති

නෞකාවලට එරෙහි මංකොල්ලකෑම් මැඬලීමට ආසියානු කලාපීය රටවල් එක්වෙති

by sachintha
July 25, 2024 1:16 am 0 comment

ආසියානු කලාපීය නෞකාවලට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඬපැවැත්වීමට ස්ථාපිත සහයෝගිතාවෙහි (Regional Cooperation Agreement on Combating Piracy and Armed Robbery against Ships in Asia – ReCAAP) සමූහ රැස්වීම, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම සහයෝගිතාවයෙහි තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ ක්‍රිෂ්ණස්වාමී නටරාජන් මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත (Governor of Sri Lanka to ReCCAP ISC) නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, එම සහයෝගිතාවයෙහි සාමාජික රාජ්‍යයන්ගේ නියෝජිතයන් සහ දේශීය පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (23) කොළඹ කින්ස්බරි හෝටලයේදී ආරම්භ විය.

ආසියානු කලාපීය නෞකාවලට එරෙහිව සිදු වන මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඬලීමේ කලාපීය සහයෝගිතා ගිවිසුම (ReCAAP) 2006 සැප්තැම්බර් මස 04 වැනි දින බලාත්මක වී ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපීය රාජ්‍යයන් 14ක් සහ ආසියානු නොවන රාජ්‍යයන් 07ක් මේ ගිවිසුමට බැඳී කටයුතු කරයි. ඒ අනුව ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බ්රූනායි, කාම්බෝදියාව, චීනය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, ලාඕසය, මියන්මාරය, නෙදර්ලන්තය, නෝර්වේ, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය සහ වියට්නාමය යන රාජ්‍යයන් මේ ගිවිසුමට එක්ව ඇති පාර්ශ්ව වේ.

මේ සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීම සහ එකිනෙකාගේ ධාරිතාව ගොඩනැගිමෙන් සහයෝගිතාව වැඩිදියුණු කරගැනීමත්, එලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා තොරතුරු කේන්ද්‍රස්ථානයක් පවත්වා ගැනීමත් මේ ගිවිසුමෙන් අපේක්ෂා කර ඇත.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT