Saturday, May 10, 2025
Home » රණක්ෂිතයට පත් එච්.බී.එම්.ආර්. ආරියරත්නට විදත් ආරෝපිත යතුරුපැදියක්

රණක්ෂිතයට පත් එච්.බී.එම්.ආර්. ආරියරත්නට විදත් ආරෝපිත යතුරුපැදියක්

by sachintha
July 25, 2024 1:18 am 0 comment

රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා යතුරුපැදි පිරිනැමීමේ වැඩසටහනේ දිගුවක් ලෙස රණවිරු එච්.බී.එම්.ආර්. ආරියරත්න මහතාට විද්‍යුත් ආරෝපිත යතුරුපැදියක් ප්‍රදානය කිරීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අතින් පසුගියදා (22) ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයකදී සිදු විය.

මානුෂීය මෙහෙයුමේදී කිලිනොච්චියේදී තුවාල ලබා වෛද්‍ය හේතූන් මත විශ්‍රාමලත් රණවිරු ආරියරත්නට වෙමින්ද්‍ර සංගක්කාර මහතාගේ අනුග්‍රාහකත්වයෙන් මේ යතුරුපැදිය ප්‍රදානය කෙරිණි. ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යෑමට මේ යතුරුපැදිය මහත් රුකුලක් වනු ඇත.

හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර මහතා ඇතුළු අනුග්‍රාහකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT