Home » ජපන් ජබර අදින්න ගිය ජයතිලක තම ට්‍රැක්ටරයටම යටවී මරුට

ජපන් ජබර අදින්න ගිය ජයතිලක තම ට්‍රැක්ටරයටම යටවී මරුට

by sachintha
July 25, 2024 1:17 am 0 comment

වැවෙන් ඉවත් කරන ලද ජපන් ජබර වගා බිමකට දැමීමට කුලී පදනමට වැඩට ගිය ට්‍රැක්ටර් රියැදුරකු ඔහු පැදවූ ට්‍රැක්ටරයටම යටවී පෙරේදා (23) සවස මියගොස් ඇතැයි නාන්නේරිය පොලිසිය පැවසීය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහව, හිතෝකඩවල ලිපිනයේ පදිංචිව සිටි රත්නමලල ඉරුගල් බණ්ඩාරලාගේ ජයතිලක නමැති 67 හැවිරිදි අයකු බව පොලිසිය සඳහන් කළේය. මොහු දින කිහිපයකට පෙර නාන්නේරිය ප්‍රදේශයට ට්‍රැක්ටරයත් රැගෙන ගොස් ඇත්තේ ඒ ප්‍රදේශයේ කපුහේනේගම වැවෙන් ඉවත් කරන ජපන් ජබර වගා බිමකට ඇද දැමීම සඳහාය.

⁣දින කිහිපයක් තිස්සේ එලෙස ජපන් ජබර අදිමින් අවසාන ජපන් ජබර ට්‍රේලරය රැගෙන යන අතරවාරයේදී පුරවන ලද බොරළු සහිත පාරෙන් ට්‍රැක්ටරය කානුව දෙසට ඇදී ගොස් රියැදුරු ඉවතට විසි වී, ට්‍රේලරය ට්‍රැක්ටරයට සම්බන්ධ කරන හිච් එක අතර හිර වීමෙන් මේ අනතුර සිදුව ඇත. සිර වී සිටි රියැදුරු අවට පිරිස් දැඩි පරිශ්‍රමයක් දරා ඉවතට ගෙන නාන්නේරිය රෝහලට ඇතුළත් කර ඇතත් ඒ විටද ඔහු මිය ගොස් සිටි බව රෝහල් සේවකයෙක් පැවසීය.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (24) ගල්ගමුව මූලික රෝහලේදී සිදු කෙරිණි.

ට්‍රැක්ටරයේ යකඩ බඳ කොටසට ශරීරය සිර වීමෙන් අක්මාවට බරපතළ හානි සිදු වීමෙන් මරණය සිදු වී ඇති බවට කරුණු අනාවරණය වූ බව ගල්ගමුව හදිසි මරණ පරීක්ෂක පී.එච්.එස්. රණවීර මහතා පැවසීය.

පොල්පිතිගම

නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT