Home » දැදුරුඔයේ යෝධ මත්ස්‍යයකු තරුණයකු සපා කාලා

දැදුරුඔයේ යෝධ මත්ස්‍යයකු තරුණයකු සපා කාලා

-තුවාලයට මැහුම් 16ක්

by sachintha
July 25, 2024 1:22 am 0 comment

හලාවත දැදුරුඔයේ සිටින දැවැන්ත මාළු විශේෂයක් හේතුවෙන් දැදුරුඔය දෙපස ගම්මානවල ජනතාව දැදුරුඔයට බැසීමට බියක් දක්වයි. මීට දින කීපයකට පෙර මේ මත්ස්‍යයකු ආරියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු සපා කෑමෙන් බරපතළ තුවාල සිදුව තිබූ අතර ඒ සඳහා හලාවත මහ රෝහලේ සතියක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදුව තිබිණි.

මේ තුවාල සඳහා මැහුම් 16ක් යොදා තිබූ බවද මේ මත්ස්‍ය ප්‍රහාරයට ලක්වූ ඇලෝසියස් ලොව් මහතා පැවසිය.

මේ අතර එවැනිම ආකාරයේ මාළුවෙකු ධීවරයෙකුගේ මත්ස්‍ය දැලකට පැටලී සිටි අතර මියගොස් සිටි බැවින් ධීවරයන් ඒ මත්ස්‍ය වීඩියෝ කර ගැනීමෙන් අනතුරුව නැවත දැදුරු ඔයටම දමා තිබිණි.

දැලට හසුවූ මත්ස්‍යයා දිගින් අඩි හතරක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 25ක් පමණ විය හැකි බව ගම්වැසියන් පැවසූහ.

මෙලෙස දැලට හසුව තිබූ මත්ස්‍ය ඇලිගේටර් වර්ගයේ මත්ස්‍යයෙකු විය හැකි බව ගම්වැසියන්ගේ මතයයි.

පුත්තලම දිසා සමූහ – ප්‍රසාද් පුර්ණමාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT