අනුරාධපුර – රඹෑව A- 20 ප්‍රධාන මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේ දී පෙරේදා (23) රාත්‍රි රථවාහන තුනක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
වෑන් රථයක්, ත්‍රිරෝද රථයක් හා අත්ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් තුවාල ලැබුවේ වෑන් රථයේ රියැදුරු සහ ත්‍රිරෝද රථයේ රියැදුරු බව පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලැබුවේ අනුරාධපුර සාලියපුර හා සඳමල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර එම තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අනුරාධපුර දෙස සිට රඹෑව දෙසට අත්ට්‍රැක්ටරය ගමන් කරමින් තිබියදී ඊට පිටුපසින් ගමන්ගත් ත්‍රීවීල් රථයක් එම අත්ට්‍රැක්ටරයේ ගැටී මාර්ගයේ විරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුර පිළිබඳව අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි