- ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුව හැර කිසිදු ආයතනයකට ප්‍රශ්න කළ නොහැකියි
- ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු ගැන සොයාබැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නෑ
- පොලිස්පති ධුරය හිස් වෙලා නෑ
- පොලිස්පතිවරයකු හදිසියේ කනෙන් අල්ලා එළියට දාන්න බෑ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු බවත්, එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද පොලිස්පතිගේ වැඩ අත්හිටුවීමේ නියෝගය බල රහිත කරන මෙන් කථානායකතුමාගෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (26) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ධුරයේ සිටින පොලිස්පතිවරයා ඉවත් කිරීමේ අවශ්‍යතාවක් වේ නම් එය කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය ගනිමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් බවද එය නීත්‍යනුකූල ඉවත් කිරීමක් වන බවද අගමැතිවරයා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය:
“අද දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍යතුමා හැටියට රජය වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා. එම ප්‍රකාශය පිළිබඳව කථානායකතුමාට ලබාදීමේ අවස්ථාව සඳහන් කළා. කථානායකතුමනි, ඔබතුමා පාර්ලිමේන්තුවේ රැඳී සිටින මේ අවස්ථාව ඉතාම තීරණාත්මක මොහොතක්. පාර්ලිමේන්තුවට වගේම අපේ රටේ ජනතාවට සහ රටේ පාලන තන්ත්‍රයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද එලෙසමයි. පාර්ලිමේන්තුවේ එසේ උත්තරීතර බව රැකගැනීම සඳහා කටයුතු කළ අවස්ථා රාශියක් වෙනවා.
“ඒ නිසා පසුගියදා අද දින තත්ත්වයට තුඩු දුන් ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා මම නම් ගම් සඳහන් කරන්න උත්සාහ ගන්නේ නෑ. පොලිස්පති ධුරය එතුමා දරමින් ආරක්ෂාව හා ඊට අදාළ කටයුතු හා ජනාධිපතිවරණය පිළිබඳ පූර්ණ බලය ඇති මැතිවරණ කොමිසමට සහාය වෙමින්, කටයුතු කරමින් සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය 25 වැනිදා ජූලි මාසයේ පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම ඒ පිළිබඳ යළි අහන දිනය නොවැම්බර් මාසයේ එකොළොස් වැනිදාට නියම කර තිබෙනවා. මුළු රටම දන්නවා නොවැම්බර් මස එකොළොස් වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පවත්වා හමාරයි. නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට පැමිණෙනවා. එතෙක් පොලිස්පතිවරයා අපේ රටේ මැතිවරණ කොමිසම සමඟ කටයුතු කිරීම, ඒ වගේම අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ඔහු වෙත පැවරී ඇති බරපතළ කටයුතු අත්හිටුවීමට මෙසේ නිගමනය කිරීම විශාල ආන්දෝලනයකට රට පරිවර්තනය කර තියෙනවා පාර්ලිමේන්තුව ඇතුළේ. මම සැකෙවින් කරුණු කීපයක් පමණක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ පිළිබඳව මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳව විස්තරය ඉදිරිපත් කළ හැකියි. හැන්සාඩ් ගත වීම සඳහා. කථානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තිය අනුව ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යයේ අංගයකි. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේ අරමුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2) වගන්තිය මඟින් දක්වා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම පිළිබඳව අවසන් තීන්දුව ලබාදෙන තෙක් ක්‍රියාත්මක වන වාරණ නියෝග ලබාදීමේ දී එම වාරණ නියෝගය පළමු වරට මේ නඩු විභාගයට ගැනෙන 2024 නොවැම්බර් 11 වැනිදා සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට දැනට තිබෙන තත්ත්වය අනුව අර්ථ නිරූපණය තමයි මේ කරන නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය මඟින්. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ අදහස් ලබාගෙන නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඇ) II වගන්තිය යටතේ ජනාධිපතිවරයාගේ නිර්දේශයක් මත ව්‍යවස්ථාදායක සභාව විසින් එවැනි වැඩබලන පත් කිරීමක් අනුමත කර ඇත්නම් මිස දින 14කට නොවැඩි කාලයක් අඛණ්ඩව පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට කිසිදු තැනැත්තෙක් පත් කළ නොහැක.
“මෙවැනි තත්ත්වයක් ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය වත්මන් ජනාධිපතිවරයා ද අපේක්ෂකයකු බවට පත්වන විට, වැඩබලන පොලිස්පතිවරයා අවදානම් සහගත තත්ත්වයකට පත්වෙනවා. ඒ වගේම මම සඳහන් කරන්න කැමැතියි. ඔව් ඉතින් ජනාධිපතිතුමානේ පත් කරන්න වෙන්නේ. ඔහෙලා කියන කතාවට පිළිතුර මම මේ දෙන්නේ. මේ ගොල්ලන් මෙතෙක් කිව්වේ ඊයේ වෙනකන් ජනාධිපතිවරයා මීළඟ වැඩ බලන එක්කෙනා පත් කරන්න. නැතිනම් ඔහෙලා පත් කරනවැයි. කථානායක පත් කරනවැයි. පත් කරන්න තමයි මම කථානායකතුමාටත් මේ කියන්නේ.
“ඔබතුමා අතේ තියෙන බලතල මුළුමහත් පාර්ලිමේන්තුවට. මම ඉතින් රවුෆ් හකීම් මහතාගේ නඩු කතා කරන හැටි හොඳින් දන්න කෙනෙක්. ඉතින් ඒ අය ඒක ගැන මම ඔබතුමාට මීට වඩා කියන්නෙ නෑ. ඒක අපි පස්සේ කතා කරමු.
“නමුත් මම කියන්නෙ අද දින උදේ ප්‍රවෘත්තිවලින් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා. නාම යෝජනා කැඳවන දිනය, ඡන්දය පවත්වන දිනය සැප්තැම්බර් මාසය දක්වා ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුක්‍රම සභාවේ අනුමැතියක් ලැබීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඇ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත් කරනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයගේ සහයෝගය ලබා ගනිමින් ධුරයේ සිටින පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි නීත්‍යනුකූල ඉවත් කිරීමේ බලය තිබෙන්නේ. ඊයෙත් සභානායකතුමා පෙන්නුවා.
“වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට පවතින නීතිය තුළ ප්‍රතිපාදන නොමැත. එබැවින් ජනාධිපතිවරයා විසින් මගේ මිත්‍ර කිරිඇල්ල මන්ත්‍රීතුමා ඒ පැත්තෙන් ඉන්න කොට එකයි, මේ පැත්තෙ ඉන්න කොට එකයි. ප්‍රතිපාදන නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස වෙනත් අයෙකු පත්කරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකිය. මේ තත්ත්වය තුළ කියවා බලන්න පොලිස් ආඥා පනත මුල සිට අගට. කියවීමේ කාලය මම ගන්නෙ නෑ. මම සභාගත කරනවා පොලිස් ආඥා පනත. දන්නෙ නැත්නම් ගිහින් කියවන්න. ගිය වාරෙත් අපි මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා කලින් පොලිස්පතිවරයත් සම්බන්ධවත්.
“ඒ නිසා පොලිස්පතිවරයෙක්ව එහෙම හදිස්සියේ කනෙන් අල්ලලා දොට්ට දාන්න බෑ. එහෙම හිතන් ඉන්න අය ඇති. නමුත් එහෙම දොට්ට දාන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළ යුත්තේ පවතින නීතියයි. ඒ නිසා පොලිස් ආඥා පනත මඟින් එකී පොලිස් ආඥා පනතේ විධිවිධාන පරිපාලන කිරීම පොලිස්පතිවරයා වෙත පවරා ඇත. පොලිස්පතිවරයාට තම ධුරයේ රාජකාරී කිරීම තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැත. එබැවින් පොලිස්පතිවරයා විසින් සිය ධුරයේ සිදු කරනු ලබන රාජකාරී කටයුතු වැළැක්වීමට ජනාධිපතිවරයාට මෙලෙස වැඩ බලන පත්වීමක් ද කළ නොහැක.
“තවමත් පොලිස්පති ධුරය දරන්නේ හිටපු පොලිස්පති. ධුරය හිස් වෙලා නෑ. නොයෙක් නොයෙක් දේවල් අර්ථ නිරූපණය කරනවා. ඒ වගේම පොලිස්පතිවරයා පත්කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව එම තීරණය කළ ආකාරය ගැන නොයෙක් වාද කරුණු ඉදිරිපත් කරනවා.
“නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තිබෙන්නේ පාර්ලිමේන්තුව යටතේ. පාර්ලිමේන්තුවේ සමගාමීව තිබෙන ව්‍යවස්ථාදායකයක්. එය පාර්ලිමේන්තුවේ දිගුවක් වන අතර පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වන ආකාරයේ යටත් ආකාරයේ හැසිරීමකට මුල මහත් පාර්ලිමේන්තුවම එසේ නම් මැදිහත් විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඕනෑම තීරණයක් ව්‍යවස්ථාදායකයේ තීරණයක් බවට පත්වෙන්නේ ඒ නිසයි. එය පාර්ලිමේන්තුවේ කැමැත්ත ප්‍රකාශ කිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ පාර්ලිමේන්තු පාලනයට පමණක් යටත් වෙයි. පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිම ආයතනයකට ආණ්ඩුක්‍රම සභාවේ ක්‍රියාදාම හා තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයක හෝ ප්‍රශ්න කළ නොහැකියි.
“නොයෙක් අය අර්ථ නිරූපණය කරා සංඛ්‍යා එකතුව අඩු කිරීම වැඩි කිරීම් ගැන. මම ඒ ගැන කතා කළේ නෑ. ඒ කාලේ කතා කළෙත් නෑ. ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර තීරණයන් එලෙස බාහිරව නොකරන බවටත් අපි එහි සභිකයන් හැටියටත් පැහැදිලි තීරණයක හිටියා. විපක්ෂ නායකතුමත් හිටියා. මමත් හිටියා. කථානායකතුමා තමයි එහි සභාපති. නිල බලෙන් සභාපති. අපේ අනෙක් සභිකයන් නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ නිසා ඒ ගත්තා වූ තීරණය වෙනස් ආකාරයකට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙක්, විශේෂඥයන් තුන්දෙනෙකු සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු විසින් මේ තහවුරු කිරීමේ බලය පවරා දී ඇත.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සතු අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදායක කාර්යක් වන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අධිකරණය විමසා බැලීම කළ නොහැක. පාර්ලිමේන්තුව උත්තරීකරයි. ව්‍යවස්ථාදායක සභාවේ බලය යළිත් මා ප්‍රකාශ කරනවා අධිකරණයකින් විමසා බැලිය නොහැකිය. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සම්බන්ධ සොයා බැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැත. එබැවින් වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවෙයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වුණාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගන්න තීරණ බොහෝ විට එක සම්පූර්ණ එකඟතාවය තියෙනවා. අපේ අනෙත් සභික මන්ත්‍රීතුමා ඉන්නවා මම නම් ගම් කියන්නේ නෑ. නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ජනාධිපතිතුමාට පත් කළ හැකි නියෝජිතයා ලෙස ඉන්නවා. ඒ වගේම අපේ සාගර කාරියවසම් මැතිතුමා අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා හැටියට ඉන්නවා. අපේ විපක්ෂ නායකතුමාගේ නියෝජිත ලෙස කබීර් හෂීම් මැතිතුමා ඉන්නවා. මේ අය සියලු දෙනා අත්දැකීම් සහිත විවිධ අර්බුදකාරී අවස්ථාවලට මුහුණු දුන්නු ක්‍රියාදාමයට නිරත වුණු අය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යළිත් සඳහන් කරන්නට කැමැතියි. 4(ඇ) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට අයත් වරප්‍රසාද, බලතල, භුක්තිය පිළිබඳ තියෙන බලය හැරුණු කොට පාර්ලිමේන්තුව විසින් අධිකරණ බලය අධිකරණය හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර, එහිදී ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් සකස් කර නීතිය අනුව ක්‍රියාත්මක කළ හැකියි. එබැවින් පාර්ලිමේන්තුවේ නිර්මාණයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතලවලට අධිකරණ බලයක් නොමැත. එබැවින් වත්මන් පොලිස්පතිවරයාගේ පත්කිරීමට ලබාදුන් අනුමැතිය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු යැයි කථානායකතුමාට යළිත් මේ ප්රකාශයේදී සඳහන් කරන්න කැමතියි. එසේ නොවන්න ව්‍යවස්ථාදායක සභාවේ බලය උපරිම පාවිච්චි කිරීමේ පාර්ලිමේන්තුවට යටත් වී තිබෙන ව්‍යවස්ථාදායක සභාව බල ශූන්‍ය ආයතනයක් බවට අප විසින්ම පත් කරනු ඇති. ජනාධිපතිතුමාට නිර්දේශ කරන්නේ අපයි. ව්‍යවස්ථාදායක සභාව. කථානායකතුමනි, ඔබතුමාගේ ප්‍රධානත්වයෙන්. ඔබතුමා එසේ ප්‍රධානත්වය දරන්නේ පල්ලිමේන්තුවේ ප්‍රධානියා නිසයි. ඒ නිර්දේශයන් තෝරාගැනීම ගැන ජනාධිපතිතුමාගේ විමසීම් පිළිබඳ තෝරාගැනීම් නිර්දේශ කරන්න ව්‍යවස්ථාදායක සභාවයි. ඒ ගන්න තීරණය ඔබතුමාගේ නිවේදනය දැන්වීම ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සභාවේ අනුගමනය කරන පරිදි දැන්වීම ගරු කථානායකතුමාගේ බලයයි. වගකීමයි. ඒ පමණයි ඔබතුමා කර තිබෙන්නේ. ඒ ගැන විවිධ අර්ථනිරූපණය දීමට මා හිතන්නේ අපි පාර්ලිමේන්තුවත් ව්‍යවස්ථාදායක සභාවත් අපේ රාජ්‍යයේ ප්‍රධාන නිලතල හෑල්ලුවට ලක් කිරීමේ භයානක උත්සාහයට සමහර දේශපාලනඥයන් යෙදිල තිබෙනවා.
“එයින් වළකින ලෙස දේශපාලනඥයන් විහිළුවට භාරගන්න උත්සහා දරන මෙය විහිළුවට ලක් නොකර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතර නියෝගයන් ලබා දී තිබෙන්නේ කථානායකවරුන් අතර, දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමා ද ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව අධිකරණයේ ඇඟිලි ගැසීම්වලට තර්ජනයට ලක්වන අවස්ථාවන්වලදී පාර්ලිමේන්තු උත්තරීතර බව ප්‍රකාශයට පත් කළ අවස්ථාව ඔබතුමාටත් මටත් සිහිපත් වෙනවා. මේ වගේම අපේ චමල් රාජපක්ෂ මැතිතුමා ඒ තීන්දුව යළිත් ගෙන තව වාරයක් ප්‍රකාශයට පත් කරල තිබුණා. ඒ නිසා අපි උත්තරීතර පාර්ලිමේන්තුවක් හැටියට ඉටු කළ යුතු කාර්යය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
“ඒ වගේම කථානායකතුමනි 4(ආ) ව්‍යවස්ථාව යටතේ රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිතුමා සතු වෙනවා. පොලිස්පතිවරයා පොලිසිය, ත්‍රිවිධ හාමුදා බල ඇණිවලට සමාන හමුදා ඒ කියන්නේ විශේෂ කාර්ය බළකාය හා බුද්ධි අංශවල අණදෙන නිලධාරී ද වනවා. මෙම අතුරු තහනම් නියෝගය මඟින් ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය මඟින් පැවරී ඇති රාජකාරී ඉටුකිරීමට බාධා පමුණුවනවා. එය අපි ගැඹුරින් තේරුම් ගත යුතුයි. එම වාරණ නියෝගයේ කිසිදු නෛතික පදනමක් දක්වා නොමැති අතර එබැවින් කිසිදු නීතිමය පදනමකින් තොරව හුදෙක්ම නීති විරෝධී යැයි පෙනෙන එවැනි වාරණ නියෝගයන් පිළිගැනීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැත.
“අවසාන වශයෙන් උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂ විසින් ගොනු කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයද මූලික අදියරේදී මේ වාරණ නියෝගය ලබා දී ඇත. එවැනි තත්ත්වයක් තුළ නුදුරු අනාගතයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව දැන දැනත් අවශ්‍ය සියලු පක්ෂ නියෝජනය කිරීමට අවස්ථාවක් වුවත් ලබාදීමක් සිදුවුණේ නැත. මම යළිත් සිහිපත් කරන්නේ ඒ නිසයි. එවැනි තීන්දු පිළි නොගන්නා බව ඊට වඩා පාර්ලිමේන්තුව උත්තරීතර බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම පිළිබඳ ඔබතුමා මේ සභාවේ හිටපු කථානායකවරයෙක් වූ අනුර බණ්ඩාරනායක මහතා දුන් තීන්දුවේ අවසානයේ සඳහන් වන්නේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පැහැදිලිවම මම මේ ප්‍රකාශය මා සිදු කරනවා කියලා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ඉහළින් පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කළා.
“ඒ ආකාරයෙන් කටයුතු කරන්න කලින් ද සඳහන් කර පරිදි සභානායකතුමා දී ඇති දිනය සඳහන් කර පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) වගන්තිය යටතේ අපට තිබෙන බලය අපි ආරක්ෂා කර ගැනීම සඳහා මුළු ආණ්ඩුවම ඒවාගේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු හා විපක්ෂයම කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුව ඛේදවාචකයකට පත් කිරීමේ තාවකාලික සංතෘෂ්ටිය, ගිනිදැල් අවුස්සන්නට බලාපොරොත්තු වෙන තාවකාලික සංතෘෂ්ටිය ලබන්න බලාපොරොත්තු වන අය එහි ඉටු කරන බරපතළ අනතුරුදායක ක්‍රියාවලිය මා ඔබට යළිත් සිහිපත් කරන්නේ. ඔබතුමාට කථානායකතුමා හැටියට මේ සියලු ඔබතුමා දුන්න තීරණය හා හාස්‍යයට ලක් කර තිබෙනවා.
“ඔබතුමා දුන්නු තීරණය ප්‍රශ්නයට පමණක් නෙවෙයි හාස්‍යයට ලක් කර තිබෙනවා. ඔබතුමා පොලිස්පතිවරයා පිළිබඳව ව්‍යවස්ථාදායක සභාව දුන් තීරණය හාස්‍යයට ලක් කරමින් ඔබතුමා යවන ලද ලිපිය තීරණය පරිදි යවන ලද ජනාධිපතිවරයාට හාස්‍යයට ලක් කරන්න පිරිස් බවට මේ අය පත් වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේ එක ප්‍රධාන කොටසක්. එය ඇති කළේත් එය පත් කළේත් ඒ සඳහා බලතල පැවරුවෙත් මේ පාර්ලිමේන්තුවයි. ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන ව්‍යවස්ථා සභාවට එලෙස කටයුතු කරන්න ඉඩකඩක් ඇතිවීම සඳහා මේ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීම භයානක තත්ත්වයක්. ඒ නිසා කතානායකතුමනි, මැතිවරණ කොමිසමට අද දින පෙරවරුවේ ජනාධිපතිවරණය 2024 මැතිවරණය සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
අප පොලිස්පති සම්බන්ධව සුප්‍රීම් උසාවිය ශ්‍රේෂ්ඨාධිකරණ නොවැම්බර් 11 වැනිදා දක්වා වැඩ අත්හිටුවා ඇති නියෝගය බල රහිත කළ යුතු හැයි කථානායකතුමා හා නැවතත් උත්තරීතර පාර්ලිමේන්තුව වෙත මේ කරුණ සිහිපත් කරමින් කථානායකතුමාට මේ පිළිබඳව ඒ වගේම හැකි ඉක්මනින් මැදිහත් වන ලෙස අපි යළිත් ඔබතුමාට දන්වා සිටිනවා.”