Home » ජන­ප­ති­ව­ර­ණය සැප්: 21 දා

ජන­ප­ති­ව­ර­ණය සැප්: 21 දා

නාම­යෝ­ජනා අගෝ: 14 තෙක් - මැති­ව­රණ කොමි­ෂන් සභාව නිවේ­ද­නය කරයි

by damith
July 27, 2024 1:19 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක, නෙත්මි පූජනී රත්නා­යක

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණය සැප්තැ­ම්බර් 21 දා පැවැ­ත්වෙන බව මැති­ව­රණ කොමි­ෂන් සභාව නිවේ­ද­නය කර සිටියි. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේ­ද­නය නිකුත් කර­මින් මැති­ව­රණ කොමි­ෂන් සභාව මේ බව දක්වා ඇත. 1981 අංක 15 දරන ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර­ගැ­නීම පිළි­බඳ පනතේ 2 වැනි වග­න්ති­යෙන් මැති­ව­රණ කොමි­ෂන් සභාව වෙත පැවරී ඇති බල­තල ප්‍රකා­රව මේ ගැසට් නිවේ­ද­නය නිකුත් කර තිබේ. එම ගැසට් නිවේ­ද­න­යට අනුව අගෝස්තු මස 15 වැනි දින ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර­ගැ­නීම සඳහා අපේ­ක්ෂ­ක­යන්ගේ නාම­යෝ­ජනා කැඳ­වීමේ දිනය ලෙස ප්‍රකා­ශ­යට පත් කර ඇත.

රාජ­ගි­රිය සරණ මාවතේ පිහිටි මැති­ව­රණ කොමි­ෂන් සභා කාර්යා­ලය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන්ගේ නාම­යෝ­ජනා භාර ගන්නා ස්ථානය ලෙසද මේ ගැසට් නිවේ­ද­නය මගින් ප්‍රකා­ශ­යට පත් කර තිබේ.

ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කළ දිනයේ පෙ.ව. 8.30 සිට නාම­යෝ­ජනා කැඳ­වීමේ දිනය වන ලබන මස 15 දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 දා දහ­වල් 12.00 දක්වා ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැති­ව­රණ කොමි­ෂන් සභාව පව­සයි. මේ කාල­සී­මාව තුළ සෙන­සු­රාදා සහ ඉරිදා දින හැර සෙසු දින­වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා කාලය තුළත් අගෝස්තු මස 14 දා පෙ.ව. 8.30 සිට දහ­වල් 12.00 දක්වා කාලය තුළත් ඇප මුදල තැන්පත් කළ හැකිය.

මේ අනුව අපේ­ක්ෂ­කයා පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­යක් විසින් නාම යෝජනා කරනු ලබන අපේ­ක්ෂ­ක­යකු වන අව­ස්ථා­වක රු. 50,000ක මුද­ලක්ද අපේ­ක්ෂ­කයා වෙනත් යම් දේශ­පා­ලන පක්ෂ­යක් විසින් හෝ ඡන්ද හිමි­යකු විසින් නාම­යෝ­ජනා ඉදි­රි­පත් කරන අපේ­ක්ෂ­ක­යකු වන අව­ස්ථා­වක රු. 75,000ක මුද­ලක්ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව කොමි­සම නිකුත් කළ තවත් ගැසට් නිවේ­ද­න­යක දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT