343
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන තම පක්ෂයේ අපේක්ෂකයා එළඹෙන 29 දා ස්ථිර වශයෙන්ම ප්රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් එදින දේශපාලන අධිකාරිය රැස් වීමට නියමිත බව සඳහන් කරන ලේකම්වරයා එම සාකච්ඡාවෙන් පසුව අපේක්ෂකයා ප්‍රකාශ කරන බවද සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු කණ්ඩායම සහ සංවිධායකයන් මේ සාකච්ඡාවට එක්වීමට නියමිතව තිබේ.