Home » ත්‍රීරෝද රථයක් තුළ සිදුකළ ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට

ත්‍රීරෝද රථයක් තුළ සිදුකළ ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට

by chanaka
July 27, 2024 11:18 am 0 comment

කුරුඳු වත්ත වෝඩ් පෙදෙස ජාතික දන්ත රෝහල ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියදුරෙකුට පිහියකින් ඇන ඝාතනය කර ත්‍රීරෝද රථය තුළට දමා පලා ගිය තිදෙනකුගෙන් යුත් කණ්ඩායමේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සොරා ගත් ත්‍රීරෝද රථයක් සමඟ ග්‍රෑන්ඩ්පාස් ස්ටේට් පුර සමගි මාවතේ දි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් දෙදෙනා අතර ප්‍රධාන සැකකරුද සිටින බවත් එම සැකකරු සන්තකයේ තිබී ඝාතනයට යොදාගත් උල් පිහිය සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 මිලිගෑම් 130 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම ඝාතනය ඉකුත් 23 මධ්‍යම රාත්‍රියේදී සිදුකර ඇත්තේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ලකෑමට බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

එලෙස ඝාතනයට ලක්ව තිබුනේ ගොඩකවෙල බලවින්න අංක 105/ ඒ 3 ලිපිනයේ පදිංචිව සිටි ඩි ඩබ්ලිව් චමින්ද කුමාර 34 යන අයයි.

සැකකරුවන් කොල්ල කන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය සහ පලා ගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශනාවේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් ආර් චතුරංග මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන මදුසංක , පොන්සේකා හා බණ්ඩාර පොලිස් සැරයන්වරුන්වන 51237 බණ්ඩාර 61072 බණ්ඩාර 73011 සමන් පොලිස් කොස්තාපල්වරුන් වන 86169 හේරත් 88129ලසන්ත 11509 චතුරංග 3122උදයංග 1117 මදුමාල් 104739 මහරච්චි මහත්වරුන් පරීක්ෂණ පවත්වයි

ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන්ද සහය දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT