Home » යුරෝපා සංගමය තුළ LTTEය තවදුරටත් තහනම්

යුරෝපා සංගමය තුළ LTTEය තවදුරටත් තහනම්

by chanaka
July 27, 2024 1:54 pm 0 comment

යුරෝපා සංගමය තුළ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ජුලි 26 වැනිදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා එම තහනම ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

යුරෝපා සංගමයේ පොදු ස්ථාවරය යටතේ තහනම් පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීව කරමින් එල්ටීටීඊ යට පනවා ඇති තහනම මෙලෙස දීර්ඝ කර තිබේ. ඒ අනුව තහනම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවල එහි අරමුදල් සහ අනෙකුත් මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් රැස් කිරීම තහනම් වනු ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT