Home » ජෝ බයිඩ්න් යයි කමලා හැරිස් එයි

ජෝ බයිඩ්න් යයි කමලා හැරිස් එයි

by damith
July 27, 2024 1:20 am 0 comment

රජිත බස්නා­යක

පසු­ගිය සති­යේදී ලෝකයේ බොහෝ­දෙ­නාගේ කතා­බ­හට ලක්වූ මාතෘ­කා­වක් වූයේ අමෙ­රි­කාවේ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යකු වූ ඩොනල්ඩ් ඩ්‍රම්ප්ට වෙඩි­තැ­බීමේ සිදු­වී­මය. වෙඩි තැබීමේ සිදු­වීමේ අල­ගිය මුල­ගිය තැන් සෙමි සෙමින් සොයා­ග­නි­මින් පව­ති­න­විට එය යට­පත්වී අමෙ­රි­කා­වේම පුව­තක් යළිත් ලෝකය පුරා කති­කා­ව­තක් ඇති කිරී­මට සමත් විය. ඒ අන් කව­ර­ක්වත් නොව, වර්ත­මාන අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයිඩ්න්, ජන­පති අපේ­ක්ෂ­ක­ත්ව­යෙන් ඉවත්ව යෑමයි. ජෝ බයිඩ්න්ගේ ඉව­ත්වී­මෙන් හිස්වූ අපේ­ක්ෂ­ක­ත්ව­යට ඉන් අන­තු­රුව නම් වූයේ උප ජනා­ධි­ප­ති­නිය වූ කමලා හැරිස්ය. ඇය දිගු කාල­යක් පුරා ඩිමො­ක්‍ර­ටික් අපේ­ක්ෂ­ක­ත්වයේ ඉහ­ළ­ටම යාමට ඉටා­ගෙන සිටි­යාය. මේ මොහො­තේදී ඇය ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­ත්වය වෙනු­වෙන් ආදේ­ශක අපේ­ක්ෂක ලැයි­ස්තුවේ ඉහ­ළ­ටම පැමි­ණී­මට සමත් විය.

ජෝ බයිඩ්න් තම ජන­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­ත්ව­යෙන් ඉව­ත්වූයේ ලිපි­යක් ද ලියා තබ­මිනි. බයිඩ්න් තම අපේ­ක්ෂ­ක­ත්ව­යෙන් ඉල්ලා අස්වන විටත් රිප­බ්ලි­කන් පක්ෂයේ නාය­ක­යින් විසින් ප්‍රකාශ කර­මින් සිටියේ ද වහාම ජනා­ධි­පති ධුර­යෙන් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි. ඔවුන්ගේ ප්‍රකා­ශ­යන් තුළ ඔවුන් සඳ­හන් කර සිටියේ ජෝ බයිඩ්න්ගේ කාල සීමාව මෙතෙ­කින් අව­සන් විය යුතු බවය.

කෙසේ වෙතත් තමා අපේ­ක්ෂ­ක­ත්ව­යෙන් ඉව­ත්වන බව සඳ­හන් කළ පසු ඔහු යළිත් පසු­ගිය බදාදා රූප­වා­හි­නි­යෙන් ජන­තාව ඇම­තීය. එම කතා­වේදී බයිඩ්න් සඳ­හන් කර සිටියේ ඔවුන්ගේ ජය­ග්‍ර­හ­ණ­යන් ගැන මෙන්ම, අමෙ­රි­කාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පව­තින්නේ ඔවුන් අතේ බවයි. ඡන්ද ප්‍රකා­ශ­යට මාස කිහි­ප­ය­කට පෙර තමා ඉන් ඉව­ත්වූයේ මන්ද යන්න පිළි­බ­ඳව ඔහු සඳ­හන් කළේ නැත. එහෙත් මෑත කාල­යක සිට තම පක්ෂය එක්සත් කළ යුතු බව තමාට හැඟී­ගිය බව සඳ­හන් කර සිටි­යේය. මේ මොහොතේ නව පර­ම්ප­රා­වට අව­ස්ථා­වන් ලබා­දිය යුතු බවද බයිඩ්න්ගේ අද­හස විය.

ජෝ බයිඩ්න් කව­රක් ප්‍රකාශ කර සිටි­යද ඔහුගේ විරුද්ධ පාක්ෂි­ක­යන් පව­සන්නේ වෙනම කතා­වකි. නොවැ­ම්බ­රයේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබෙන මැති­ව­ර­ණ­යේදී අනි­වාර්ය පරා­ජ­යක් හිමි­වන ලකුණු පෙනෙ­න්නට තිබෙන බැවින් ඔහුගේ ඉව­ත්වීම සිදුවූ බවත් බයිඩ්න්ට ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් පැහැ­දිලි මාව­තක් නොති­බුණු බවත්ය.

විරුද්ධ පාක්ෂි­ක­යන් පම­ණක් නොව ජනා­ධි­පති අපේ­ක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවා සඳ­හන් කර සිටියේ දරුණු පරා­ජ­ය­කින් බේරීම සඳහා ට්‍රම්ප්ගේ ඉව­ත්වීම සිදුව ඇති බවයි. ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා රූප­වා­හි­නි­යෙන් ජන­තාව ඇම­තී­මට පැය කිහි­ප­ය­කට පෙර උතුරු කැරො­ලි­නාහි පැවැති රැලි­ය­ක­දීයි. බයිඩ්න් සම්බ­න්ධ­යෙන් පම­ණක් නොව කමලා හැරිස් පිළි­බ­ඳ­වද ට්‍රම්ප් සඳ­හන් කර සිටියේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පැහැ­දි­ලිව පෙනෙන්ට තිබෙන මාන­සික පරි­හා­නිය වැළැ­ක්වී­මට කමලා හැරිස් හවුල්ව ඇති බවකි. ට්‍රම්ප් මෙම රැලි­යේදී අද­හස් දක්ව­මින් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජන­පද ඉති­හා­සයේ වඩාත් හානි­කර ජනා­ධි­ප­ති­ව­රයා ජෝ බයිඩ්න් බවයි.

“වසර තුන­හ­මා­රක් තිස්සේ ජෝ බයිඩ්න් විසින් සිදු­ක­රන ලද සෑම ව්‍යස­න­ය­කම පිටු­ප­සින් කමලා හැරිස් සිටියා. ඇය රැඩි­කල් පිස්සු චරි­ත­යක්. එක්සත් ජන­ප­දයේ ජනා­ධි­පති පද­වි­යට කෙදි­නක හෝ පත්වු­ව­හොත් අපේ රට විනාශ කරයි”

ඒ කමලා හැරිස් පිළි­බ­ඳව ට්‍රම්ප්ගේ අද­හ­සයි.

ජෝ බයිඩ්න් රූප­වා­හි­නි­යෙන් ජන­තාව අම­තන අව­ස්ථා­වේදී ධවල මන්දි­රයේ කාර්යා­ල­යට පවුලේ සාමා­ජි­ක­යන් ද පැමිණ සිටි අතර ධවල මන්දිර කාර්ය මණ්ඩ­ලය සමඟ සාකච්ඡා කරන අව­ස්ථා­වේදී ඔහු කාර්ය මණ්ඩ­ලය අමතා ප්‍රකාශ කර සිටියේ “මම මේ කාර්යා­ල­යට ගරු කර­නවා, ඒත් මම වඩාත් ගරු කරන්නේ මගේ රටට” යනු­වෙනි. එමෙන්ම 2025 වසරේ ජන­වාරි මසදී තම ධුර කාලය අව­සන් වීමට ප්‍රථම ජන­තාව වෙනු­වෙන් තමා ආරම්භ කළ කාර්ය අව­සන් කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා පොරොන්දු විය.

“අමෙ­රි­කාවේ ඇති ශ්‍රේෂ්ඨ දේ මෙහි තිබේ. අප රට රජ­වරු සහ ඒකා­ධි­ප­ති­යන් විසින් පාල­නය කරන්නේ නැත. ඉති­හාස සහ බලය ඇත්තේ ඔබේ අතේය. එමෙන්ම අමෙ­රිකා එක්සත් ජන­ප­දය පිළි­බ­ඳව තීර­ණය ඇත්තේ ද ඔබේ අතේ” යනු­වෙනි.

මේ අත­රම ඔහු සඳ­හන් කර සිටියේ ජන­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට පත් වූ 59 හැවි­රිදි කමලා හැරිස්, පළ­පු­රුදු, දක්ෂ­තා­ව­යෙන් හෙබි සහා­යි­කා­වක් ලෙසයි.

උප ජනා­ධි­පති කමලා හැරිස් Kamala Devi Harris

2021 වස­රේදී අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ උප ජනා­ධි­ප­ති­නිය ලෙසින් පත්විය. ඇයගේ මෙම පත්වී­මත් සමඟ කමලා හැරිස් ප්‍රසි­ද්ධි­යට පත් වූයේ ප්‍රථම කාන්තා උප ජනා­ධි­ප­ති­ව­රිය මෙන්ම එක්සත් ජන­පද ඉති­හා­සයේ ඉහ­ළම ශ්‍රේණියේ කාන්තා නිල­ධා­රි­නිය වශ­යෙනි. තවද ඇය ප්‍රථම අප්‍රි­කානු අමෙ­රිකා සහ පළමු දකුණු ආසි­යා­තික අමෙ­රි­කානු උප ජනා­ධි­ප­ති­ව­රිය ද විය.

ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ සාමා­ජි­කා­වක් වූ කමලා හැරිස් 2017 වසරේ සිට 2021 වසර දක්වා කැලි­ෆෝ­නි­යාවේ එක්සත් ජන­පද සෙනෙට් සභි­ක­යකු ලෙසත් ඊට පෙර 2011 වසරේ සිට 2017 වසර දක්වා කැලි­ෆෝ­නි­යාවේ නීති­පති ලෙසත් කට­යුතු කර­න්නට විය. ඇය නීති­පති කට­යුත්ත භාර ගැනී­මේදී නීතිය සම්බ­න්ධ­යෙන් පව­තින දැනුම වඩා වැද­ගත් විය.

හොවාර්ඩ් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් සහ කැලි­ෆෝ­නියා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් Hasting නීති විද්‍යා­ල­යෙන් උපා­ධිය ලබා ගන්නට සමත් වූ ඇය ඇල­මෙඩා ප්‍රාන්තයේ දිස්ත්‍රික් ඇටෝර්නි කාර්යා­ල­යෙන් නීති වෘත්තිය ආරම්භ කර­න්නට විය. ඉන්ප­සුව 2003 වස­රේදී සැන්ෆ්‍රැ­න්සි­ස්කෝහි ඇටෝ­නි­ව­රයා ලෙසින් පත් වූ අතර 2010 වස­රේදී සහ 2014 වස­රේදී කැලි­ෆෝ­නි­යාවේ නීති­පති ලෙසින් පත්විය. ඇයගේ දේශ­පා­ලන ගම­න්මඟ තුළදී 2017 – 2021 දක්වා කැලි­ෆෝ­නි­යාවේ කනිෂ්ඨ එක්සත් ජන­පද සෙනෙට් සභි­කයා ලෙස කට­යුතු කළේය. 2016දී පැවැති සෙනෙට් මැති­ව­ර­ණ­යේදී කමලා හැරිස් ජය­ග්‍ර­හ­ණය කරනු ලැබුවේ එක්සත් ජන­පද සෙනෙට් සභා­වට සේවය කළ පළමු ඉන්දි­යානු අමෙ­රි­කන් ජාති­කයා ලෙසිනි.

සෙනෙට් සභි­ක­යකු ලෙස පත්වී­මෙන් පසු ගංජා නීති­ගත කිරීම, ආයුධ භාවි­තය සම්බ­න්ධ­යෙන් දැඩි නීති රීති ගෙන ආ අතර සෞඛ්‍ය ආර­ක්ෂණ සහ බදු ප්‍රති­සං­ස්ක­රණ වෙනු­වෙන් පෙනී සිටි­යාය. කොයි­හැටි වෙතත් 2020 වස­රේදී ඩිමො­ක්‍ර­ටික් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය වෙනු­වෙන් දැඩි බලා­පො­රොත්තු තබා­ගෙන සිටි­මුත් එවර ඇයට එය සිහි­න­යක් පම­ණක් විය. නමුත් එවර මැති­ව­ර­ණයේ දී ජෝ බයිඩ්න්ගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් ඇය ඉදි­රි­පත්ව කට­යුතු කළ අතර ඔහු ජය­ග්‍ර­හ­ණය කළ පසු සමාජ මාධ්‍ය වෙත වීඩි­යෝ­වක් පළ කර­මින් ඇය සඳ­හන් කර සිටියේ,

“අපි එය ඉටු කළා. ජෝ, ඔබ අමෙ­රි­කාවේ මීළඟ ජනා­ධි­පති වෙන්නයි යන්නේ” යනු­වෙනි.

ජනා­ධි­පති අපේ­ක්ෂි­කාව

අතී­තයේ කතා කව­රක් වුවත් මේ මොහොත වන­විට කමලා හැරිස් අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ ජන­පති අපේ­ක්ෂි­කා­වකි. ඇයගේ ඡන්ද සට­නේදී කළු ජාති­ක­යන්ගේ ඡන්ද­යද ඇයට ලැබෙනු ඇතැයි බොහෝ දෙනෙක් සඳ­හන් කර­නුයේ එරට ප්‍රමුඛ කළු ජාතික විද්‍යා­ල­වල මෙන්ම හොවාර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ ද ඇය ගත කළ කාලය තම ජීවි­තයේ වඩාත් පරි­ව­ර්ත­නීය අත්දැ­කීම් ලැබූ කාල­යක් ලෙසින් සඳ­හන් කර සිටි නිසා­වෙනි. එමෙන්ම පසු­ගිය බදාදා ඉන්ඩි­යානා පොලිස්හි කළු ජාති­ක­යන්ගේ Zeta Phibeta Sorority ඇමතූ ඇය ප්‍රකාශ කර සිටියේ‍්, “මේ මොහොතේ අපි අපේ ජාතිය සඳහා දර්ශන දෙකක් අතර තේරී­ම­කට මුහුණ දෙන බව මම විශ්වාස කරමි. එකක් අනා­ග­තය කෙරෙහි අව­ධා­නය යොමු කරයි. අනෙක අතී­තය කෙරෙහි අව­ධා­නය යොමු කරයි. මේ මොහොතේ ඔබේ සහ­යෝ­ගය ඇතිව මම අපේ ජාතියේ අනා­ග­තය වෙනු­වෙන් සටන් කර­නවා” යනු­වෙනි.

මේ අතර Black Lives Matter නම් ක්‍රියා­කාරී කණ්ඩා­යම ප්‍රකාශ කර සිටියේ ප්‍රකෝ­ටි­ප­ති­නි­යන්ගේ ඉල්ලීම පරිදි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මූල­ධර්ම නොස­ලකා හරි­මින් කළු ජාතික ඡන්ද දාය­ක­යින් හැසි­ර­වී­මට කමලා හැරිස් උත්සාහ කරනා බවයි.

කොයි­හැටි වෙතත් පසු­ගිය සති­යේදී අමෙ­රි­කාව පුරා ඉහ­ළින්ම කතා වූ පුවත වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිදු­වී­මයි. එම සිදු­වී­මත් සමඟ ට්‍රම්ප්ගේ ජන­ප්‍රි­ය­ත්වය පවා ඉහළ යාමේ ප්‍රති­ශ­ත­යක් ඇති විය. එය නවතා දැමී­මට නම් ඒ හා වටි­නා­ක­මක් ඇති පුව­තක් නිර්මා­ණය විය යුතුම විය. ට්‍රම්ප්ගේ කතා පුව­තට වැඩි ආයුෂ තිබුණේ නැත. බයිඩ්න්ගේ ඉව­ත්වී­මත් කමලා හැරිස්ගේ පැමි­ණී­මත් සමඟ වෙඩි තැබීමේ සිදු­වීමේ ජන­ප්‍රි­ය­ත්වය හීන විය. දැන් කතා බහට ලක්වන්නේ කමලා හැරිස්ගේ අපේ­ක්ෂ­ක­ත්ව­යයි. නව ජනා­ධි­පති අපේ­ක්ෂි­කා­වන්ගේ ඉදිරි ගම­නයි.

දේශ­පා­ල­නය යනු දාම් අදි­නවා මෙන් ඉත්තන් කපා­ගෙන යෑමකි. අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යට පුද්ගල භූමිකා ජය­ග්‍ර­හ­ණ­යන් අවාසි නැත. ඔවු­නට අවශ්‍ය තම කඳ­වුරේ ජය­ග්‍ර­හ­ණ­යයි. යම් හෙය­කින් මාතෘ­කාව වෙනස් කර­මින් තම කඳ­වුර ජය­ග්‍ර­හ­ණය කිරීම ඩිමො­ක්‍ර­ටික් ඉහළ නිල­යන්ගේ අපේ­ක්ෂාව වූවාද දන්නේ නැත. එය කව­රක් වුවත් මෙහි අව­සා­න­යක් දැක බලා­ගැ­නී­මට නම් නොවැ­ම්බ­රය වෙන­තෙක් සිටිය යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT