Thursday, May 8, 2025
Home » බිලි­යන සංඛ්‍යාත ගෝලීය ජන­තා­වට ‘තාප වසං­ග­ත­යක්’

බිලි­යන සංඛ්‍යාත ගෝලීය ජන­තා­වට ‘තාප වසං­ග­ත­යක්’

විස­ඳුම් සෙවී­මට පිය­වර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහ­ලේ­කම් ඉල්ලයි

by damith
July 27, 2024 1:10 am 0 comment

ලොව පුරා වාර්තා­ගත අයු­රින් උෂ්ණ­ත්වය ඉහළ ගොස් ඇතැයි ද, එය දැන් තාප වසං­ග­ත­යක් බවට පත්වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්ටෝ­නියෝ ගුටාරෙස් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගෝලීය වශ­යෙන් බිලි­යන සංඛ්‍යාත ජන­තාව දැඩි උෂ්ණ­ත්ව­යෙන් පීඩා­වට පත්ව සිටින බව සඳ­හන් කර­මින් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­ක­ම්ව­රයා අධික තාපයේ බල­පෑ­ම්ව­ලට කඩි­නම් විස­ඳුම් සෙවී­මට පිය­වර ගන්නා ලෙස ලෝක නාය­ක­ය­න්ගෙන් ඉල්ලී­මක් ද කර ඇතැයි වාර්තා වේ.

දේශ­ගු­ණික විප­ර්යාස හේතු­වෙන් ලොව පුරා ජන­තාව පෙර නොවූ විරූ අයු­රින් ඉහළ උෂ්ණ­ත්ව­ය­කට මුහුණ දෙමින් සිටින බවත්, එය ගෝලීය ආර්ථි­ක­යට දැඩි බල­පෑ­මක් එල්ල කරන බවත් සඳ­හන් කර ඇති අතර, එම තත්ත්ව­යෙන් කඩි­න­මින් මිදීම සඳහා පොසිල ඉන්ධ­න­ව­ලින් ඉව­ත්වන ලෙසත් ලෝක නාය­ක­ය­න්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මැද­පෙ­ර­දිග, අප්‍රි­කාව, ආසි­යාව ඇතුළු කලාප රැසක ජන­තාව අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් දුෂ්ක­රතා රැස­කට මුහු­ණපා සිටින බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT