Home » ලක්ෂ 41ක් වටිනා දුම්වැටි තොග­යක් කටු­නා­ය­කදී මාට්ටු

ලක්ෂ 41ක් වටිනා දුම්වැටි තොග­යක් කටු­නා­ය­කදී මාට්ටු

by damith
July 27, 2024 1:19 am 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

නීති­වි­රෝධී ලෙස ශ්‍රී ලංකා­වට රැගෙන එමින් තිබූ රුපි­යල් හත­ළිස් එක් ලක්ෂ හැත්තෑ පන් දහ­සක් වටිනා විදේ­ශීය නිෂ්පා­දිත දුම්වැටි තොග­යක් සමඟ ගුවන් මගීන් දෙදෙ­නෙකු පෙරේදා (25) රාත්‍රී කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තයේ දී ගුව­න්තො­ටු­පොළ රේගු නිල­ධා­රීන් පිරි­සක් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙයින් එක් ගුවන් මඟි­යෙකු පොලො­න්න­රුව ප්‍රදේ­ශයේ පදිංචි 21 හැවි­රිදි තරු­ණ­යෙකි. ඔහු සිය ඥාති­ව­ර­යෙකු මුණ ගැසී­මට ඩුබායි වෙත ගොස් ආපසු පැමි­ණෙ­මින් සිටි­යදී මෙසේ නීති­වි­රෝධී ලෙස මෙම විදේ­ශීය දුම්වැටි තොගය රැගෙන විත් තිබුණි.

මීට අම­ත­රව කොළඹ, තල­ව­තු­ගොඩ ප්‍රදේ­ශයේ පදිංචි 44 හැවි­රිදි ඩුබායි හි කාර්මික වෘත්ති­යක නියැළී සිටි පුද්ග­ල­යෙකු ද මෙසේ නීති­වි­රෝධී ලෙස දුම්වැටි තොග­යක් රැගෙන විත් තිබුණි.

ඔවුන් දෙදෙනා පෙරේදා (25) පස්වරු 5.00ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 549 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් දෙදෙනා විසින් තම ගමන් මලු තුළ සඟවා ගෙන Ò මැන්චෙ­ස්ටර්Ó වර්ගයේ විදේ­ශීය දුම්වැටි 41,400ක් අඩංගු දුම්වැටි කාටූන් 207ක් නීති­වි­රෝධී ලෙස රැගෙන පැමිණ තිබුණි.

මේ ආකා­ර­යට 1999 අංක 08 දරන දුම්කොළ බදු පනත සහ 2004 අංක 09 දරන සංශෝ­ධිත දුම්කොළ බදු පනත යටතේ මෙර­ටට නිසි බල­ප­ත්‍ර­යක් නොමැ­තිව දුම්කොළ අඩංගු දුම්වැටි හෝ දුම්කොළ නිෂ්පා­දන ශ්‍රී ලංකා­වට ආන­ය­නය කිරීම සපුරා තහ­නම් වේ.

මොවුන් දෙදෙනා කෙසේ හෝ මෙම දුම්වැටි තොගය කටු­නා­යක ගුවන් තොටු­පො­ළෙන් පිට කර ගෙන ගොස්, වෙළෙඳ පොළ වෙත මෙම දුම්වැටි තොගය අලෙවි කළේ නම්, එයින් රුපි­යල් තිස් දෙල­ක්ෂ­යක බදු ආදා­ය­මක් ශ්‍රී ලංකා රජ­යට අහිමි වීමට ඉඩ තිබී ඇත.

මේ පිළි­බඳ විධි­මත් රේගු පරී­ක්ෂ­ණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රුචිර වීර­සේ­කර මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී මොවුන් දෙදෙනා නීති­වි­රෝධී ලෙස ශ්‍රී ලංකා­වට රැගෙන ඒමට තැත් කළ දුම්වැටි තොගය රාජ­ස­න්තක කළ අතර මොවුන් දෙදෙ­නාට අව­වාද කර නිද­හස් කිරී­මට පිය­වර ගෙන තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT