Sunday, May 11, 2025
Home » තීරු බදු නොගෙවූ ලක්ෂ 25ක කහ සමඟ පහක් කොටු

තීරු බදු නොගෙවූ ලක්ෂ 25ක කහ සමඟ පහක් කොටු

by damith
July 27, 2024 1:18 am 0 comment

කල්පි­ටිය සමූහ - කුමාරි පද්ම­ලතා

තීරු බදු නීති උල්ලං­ඝ­නය කර­මින්, නීති විරෝධී ලෙසින් මුහුදු මඟින් ඉන්දි­යාව සිට මෙර­ටට ගෙන්වන ලද කහ කිලෝ­ග්‍රෑම් 860ක් නිවෙ­සක ගබඩා කර තිබි­යදී කල්පිටි පොලි­සිය විසින් පෙරේදා (25) රාත්‍රියේ කල්පි­ටියෙ වෙල්ල­න්ක­රය, ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. කහ සමඟ සැක­ක­රු­වන් පස් දෙනෙකු ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් කහ තොගයේ වටි­නා­කම ලක්ෂ 25කට වැඩි බව පොලි­සිය පව­සයි.

සැක­ක­රු­වන් වයස අවු­රුදු 30 – 50ත් අතර වයස් කාණ්ඩ­වල පසු­වන කල්පි­ටියෙ වෙල්ල­න්ක­රය පදිංචි අය­ව­ලුන්ය. සැක­ක­රු­වන් සහ නඩු භාණ්ඩ පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත යොමු කිරී­මට නිය­මි­තය.

කල්පිටි පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT