285
තීරු බදු නීති උල්ලංඝනය කරමින්, නීති විරෝධී ලෙසින් මුහුදු මඟින් ඉන්දියාව සිට මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්රෑම් 860ක් නිවෙසක ගබඩා කර තිබියදී කල්පිටි පොලිසිය විසින් පෙරේදා (25) රාත්‍රියේ කල්පිටියෙ වෙල්ලන්කරය, ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. කහ සමඟ සැකකරුවන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කහ තොගයේ වටිනාකම ලක්ෂ 25කට වැඩි බව පොලිසිය පවසයි.
සැකකරුවන් වයස අවුරුදු 30 – 50ත් අතර වයස් කාණ්ඩවල පසුවන කල්පිටියෙ වෙල්ලන්කරය පදිංචි අයවලුන්ය. සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්රාත් අධිකරණය වෙත යොමු කිරීමට නියමිතය.
කල්පිටි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.