Home » කඩා­ක­ප්ප­ල්කා­රීන්ගේ බිය­ගුලු ක්‍රියා නොතකා පැරිස් ඔලි­ම්පික් සමා­ර­ම්භක උලෙළ ඇර­ඹෙයි

කඩා­ක­ප්ප­ල්කා­රීන්ගේ බිය­ගුලු ක්‍රියා නොතකා පැරිස් ඔලි­ම්පික් සමා­ර­ම්භක උලෙළ ඇර­ඹෙයි

අධි­වේගී දුම්රිය මාර්ග 3ක ගිනි තැබීම් කිහි­ප­යක් රුසි­යානු සූප­වේ­දි­යෙක් අත්අ­ඩං­ගුවේ

by damith
July 27, 2024 1:10 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර ප්‍රංශයේ පැරිස් නුවර සිට

පැරිස් ඔලි­ම්පික් උලෙළේ දර්ශ­නීය සමා­ර­ම්භක උත්ස­වය කඩා­ක­ප්ප­ල්කා­රීන්ගේ බිය­ගුලු ක්‍රියා නොතකා ආරම්භ කිරී­මට සංවි­ධා­ය­කයෝ පිය­වර ගත්හ. ක්‍රීඩා උලෙළේ සමා­ර­ම්භය ශ්‍රී ලංකා වේලා­වෙන් ඊයේ රාත්‍රී 11ට ආර­ම්භ­වී­මට නිය­මි­තව තිබූ අතර, ඉන් පෙර ශ්‍රී ලංකා කණ්ඩා­යම ඇතුළු ලොව රට­වල් 206කින් පැමිණ සිටින ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සෙයින් නදිය ඔස්සේ බෝට්ටු 100කට ආසන්න ප්‍රමා­ණ­යක නැඟී පෙළ­පා­ළි­යට සූදා­නම්ව සිටි­යහ.

මාර්ග බාධ­ක­වල දැඩි පරී­ක්ෂාව යටතේ පැමි­ණෙන නර­ඹ­න්නන්ට ස්වේච්ඡා සේව­ක­යන් 15,000කගේ පමණ සහ­යෝ­ගය ලබාදී ඇති හෙයින් අප­හ­සු­ව­කින් තොරව තම ආසන වෙත ළඟා­වීමේ පහ­සුව උදා විය. පැරිස් ක්‍රීඩා මාධ්‍ය ආව­ර­ණ­යට පැමිණ සිටින මාධ්‍ය­වේ­දීන්ට සමා­ර­ම්භක උලෙළේ නිල ප්‍රවේ­ශ­පත්‍ර ආර­ක්ෂක හේතූන් මත සීමා­කොට තිබී­මෙන් යම් නොස­න්සු­න්තා­වක් හට­ගෙන තිබුණ ද, ඒ සඳහා කඩි­නම් විස­ඳුම් සෙවී­මට සංවි­ධා­ය­කයෝ කට­යුතු කළහ.

පෙරේදා රාත්‍රියේ ප්‍රංශ අග­නු­වර හා සම්බ­න්ධ­වන අධි­වේගී දුම්රිය මාර්ග කිහි­ප­යක ගිනි තැබීම් වාර්තා වූ හෙයින් බිය­කරු වට­පි­ටා­වක් නිර්මා­ණ­යවී තිබිණි. ප්‍රංශ රාජ්‍ය දුම්රිය සමා­ග­මක් වන ‘එස්එ­න්සී­එෆ්’ සඳ­හන් කළේ එක රැය­කින් ඇතිවූ බාධාව අධි­වේගී මාර්ග ජාලය අඩාළ කිරීම ඉලක්ක කර ගත් ප්‍රහා­ර­යක් ලෙස සල­කන බවයි. මේ හේතු­වෙන් දුම්රිය විශාල ප්‍රමා­ණ­යක් අව­ලංගු කර ඇති බව ප්‍රකාශ කළේය.

මේ ප්‍රහා­ර­වල වග­කීම භාර ගැනී­මට කිසි­ව­කුත් ඉදි­රි­ප­ත්නවී නැති අතර ඔලි­ම්පික් සමා­ර­ම්භ­යට සහ­භාගි වන දහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ගේ හා නර­ඹ­න්නන්ගේ ආර­ක්‍ෂාව වෙනු­වෙන් සෙයින් නදියේ ඉවුරු දෙකම වට­කොට ආර­ක්ෂාව තර කොට තිබේ. ආර­ක්ෂක ගැටලු හේතු­වෙන් ඊශ්‍රා­යල ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට වෙනම විශේෂ ආර­ක්ෂා­වක් ලබා­දී­මට ප්‍රංශ ප්‍රභූ පොලිස් නිල­ධා­රීන් කට­යුතු කර­මින් සිටී.

මේ අතර, ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළ අස්ථා­වර කිරී­මට විදේ­ශීය බල­වේ­ග­යක් සමඟ කුම­න්ත්‍ර­ණය කළ බවට සැක­පිට වසර 14ක් ප්‍රංශයේ ජීවත්වූ රුසි­යානු සූප­වේ­දි­යකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. 40 හැවි­රිදි ඔහු පැරී­සියේ පිහිටි මහල් නිවා­ස­ය­කදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, එහි තිබී ප්‍රභූ රුසි­යානු විශේෂ බළකා ඒක­ක­ය­කට සම්බන්ධ ලිය­වි­ල්ලක් සොයා­ගත් බව වාර්තා වේ. ප්‍රංශයේ කට­යුතු අවු­ළු­වා­ලීමේ අර­මු­ණින් විදේශ බල­වේ­ග­යක් සමඟ බුද්ධි තොර­තුරු හුව­මාරු කර ගැනීම වසර 30ක සිර­ද­ඬු­වම් ලැබිය හැකි අප­රා­ධ­යක් බව නීති විශා­ර­දයෝ පව­සති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT