Home » අවිස්සාවේල්ල තුන්මෝදර බිහිසුණු අනතුරක් – පොලිස් නිළධාරියෙක් මරුට

අවිස්සාවේල්ල තුන්මෝදර බිහිසුණු අනතුරක් – පොලිස් නිළධාරියෙක් මරුට

by yasara
July 29, 2024 3:22 pm 0 comment

අවිස්සාවේල්ල  පුවක් පිටිය තුම්මෝදර ඉලුක් පිටියේ ප්‍රදේශයේදී සිමෙන්ති පැටවූ ලොරියක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් අනතුරට පත් වී තිබෙයි.

මෙම අනතුරින් පොලිස් සැරයන්වරයෙක් සිද්ධිය වූ ස්ථානයේ දීම මියගොස් ඇත.

තවත් පොලිස් කොස්තාපල්වරයෙක් බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙයි.

මියගිය සැරයන්වරයා කොස්තාපල්වරයා සමඟ රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස සිමෙන්ති ලොරිය ඉදිරියට එනු දැක යතුරුපැදිය මාර්ගයේ අයිනට කර නතර කර ඇත.

ඒ සමගම ලොරිය යතුරු පැදියේ ගැටී එයත් සමගම අසල බෑවුමෙන් ඇළ මාර්ගයෙන් පහළට වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි

සිද්ධිය පිළිබඳව හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT