Home » ඇත්තටම Mr. Beanට අසාධ්‍යයි ද ?

ඇත්තටම Mr. Beanට අසාධ්‍යයි ද ?

by chanaka
July 29, 2024 3:22 pm 0 comment

බ්‍රිතාන්‍ය විකට නළු රෝවන් ඇට්කින්සන් නැතිනම් හැම දෙනාම හොදින් හදුනන Mr. Bean ගේ වත්මන් තත්ත්වය බව පවසමින් ඇඳක වැතිරී සිටින රෝගියෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව ඇත.

කෙසේ වෙතත්, මෙය තවත් ප්‍රෝඩාවක් බව Fact Crescendo කණ්ඩායම් විමර්ශනයෙන් මේවන විට අනාවරණය වී තිබේ.

මිස්ටර් බීන් 1990 ගණන්වල පෙනුම සහ 2024 දී ඔහු දැනට පෙනෙන ආකාරය සංසන්දනය කරමින් සමාජ මාධ්‍ය පළ කිරීම් මාලාවක් වෛරල් වී තිබුණි. එම ෆේස් බුක් පෝස්ට් වල සඳහන් තිබුනේ මෙය කෙතරම් හද කම්පා කරවන සුළුද යන්නයි.

මෙම ඡායාරූප සැසඳීම් අපේ රටේ ද වෛරල් වී තිබුණි.

මෙහි සැබෑ තත්ත්වය සෙවීමේ දී මෙම ආදරණීය විකට නළු Mr. බීන් හෝ රෝවන් ඇට්කින්සන් දැඩි ලෙස රෝගාතුර වී ඇතැයි කියන සිද්ධියක් මෑතක දී අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.

එසේම ඔහු 2024 ජූලි 10 වැනිදා ෆෝමියුලා වන් ධාවන ඉසව්වකදී ලබා දුන් සම්මුණ සාකච්ඡාවක් හමු වී ඇති අතර එහි ඔහු නිරෝගී සුවයෙන් පසුවේ. ඔහුගේ එම සම්මුඛ සාකච්ඡා Behind Grand Prix සහ Zero Racing වැනි යූ ටියුබ් නාලිකාවල දක්නට ලැබේ.

මීට අමතරව, අදාළ රෝගීව සිටින වෛරල් වූ ඡායාරූපයේ ප්‍රතිලෝම රූප සෙවීමක් කළ විට, 2020 ජනවාරි 31 වන දින බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘ද මිරර්’ විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවෘත්ති ලිපියක වෙනත් අයෙකුගේ මේ හා සමාන ඡායාරූපයක් සොයා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව මිස්ටර් බීන් ඇඳේ වැතිර සිටින රෝගියෙකු බවට පත් වූ නැවත නිර්මාණය කළ ඡායා රූපයට එය සමාන විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT